මූලාසනයට නොයන හේතුව තිලංග කියයි..එජාප ඇමතිවරුන්ට දෙහි කපයි!

0

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිප එක්ව පවත්වන ජාතික ආණ්ඩුවෙන් තමන් ඉවත් වන බවත් ඊට සහයෝගය නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පසුගිය පෙබරවාරි මාසයේ ලිඛිතව දැනුම් දුන්දා සිට මේ වන තෙක් මූලාසනයේ අසුන් නොගත් බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එම ධුරයේ සිටින තාක් කල් තමන් එම අසුනට නොයන බවද හෙතෙම කීවේය.තමන් නියෝජ්‍ය කතානායකවරයා ලෙස මූලාසනයට පැමිණියහොත් අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කල නොහැකි බැවින් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශකිරීමට අවශ්‍ය නිසා මූලාසනයට නොයන බවද සුමතිපාල මහතා කීවෙය.තමන් මීට මාස කිහිපයකට පෙර ගත් එම තීන්දුව අනුව 4 වෙනිදාත් කටයුතු කරන බවත් එජාප ඇමතිවරුන් නින්දෙන් ඇහැරී කරන ප්‍රකාශ ගැන තමන් එතරම් නොතකන බවත් නියෝජ්‍ය කතානායකවරයා වැඩිදුරටත් කීවෙය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here