මුස්ලිම් ඇමතිවරු සියල්ල ඇමතිකම් අත්හරිති

ආණ්ඩුව නියෝජනය කරන සියලුම මුස්ලිම් අමාත්‍යවරුන් සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.මේ වන විට අරලියගහ මන්දිරයේ පැවැත්වෙන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය රවුෆ් හකීම් මහතා මේ බව කියා සිටියේය. ඒ අනුව අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රිෂාඩ් බදුරදීන්,අබ්දුල් හලීම්,කබීර් හෂීම්,අමීර් අලි ඇතුළු සියලු අමාත්‍යවරුන් මේ මොහොතේ සිට සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.අද පස්වරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්. එල්.ඒ.එම් හිස්බුල්ලා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සිය තනතුරුවලින් ඉල්ලා අස්විය. ඔවුන් එම තනතුරුවලින් ඉල්ලා අස්වන තුරු මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ අතුරලියේ රතන හිමියන් සත්‍යග්‍රහයක නිරතව සිටියහ. සත්‍යග්‍රහය ආරම්භ කර සිව්වන දිනයේ ආණ්ඩුකාරවරුන් දෙදෙනා මෙසේ ඉල්ලා අස්විය.

ඉල්ලා අස්වූ මුස්ලිම් ජාතික අමාත්‍යවරුන්ගේ නම් ලැයිස්තුව පහතින් වේ…
ෆයිසාල් කාසිම් – සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය
රවුෆ් හකීම් – නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
අබ්දුල් හලීම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
කබීර් හෂීම් – මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
අබ්දුල්ලාහ් මහ්රූෆ් – වරාය හා න‍ාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
එච්. එම්. එම්. හරීස් – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය
රිසාඩ් බදියුදීන් – කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය
සෙය්යිඩ් අලී සාහීර් මවුලානා – සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය
අමීර් අලි සිහාබ්දින් – කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here