මිරිසවැටියේ නායක හාමුදුරුවෝ අගමැතිට දුන් රන් මංජුසාවේ තිබුණේ මොනවාද?

0

ආණ්ඩුවට වසර 3ක් පිරීම නිමිත්තෙන් අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික වතාවත් කිහිපයක් අඟහරුවාදා පස්වරුවේ සූදානම් කර තිබිණි. යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි කවින්ද විසින් මෙම කටයුතු සූදානම් කර තිබිණි. ඇමැති හැරිසන් සහ විජයදාස මේ සඳහා එක්ව සිටියහ.

අගමැතිවරයා මිරිසවැටියට ගොස් එහි ආගමික වතාවත්වලින් පසුව මිරිසවැටිය විහාරාධිපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

“ඔබතුමාට තියෙන දැනුම ගැන මේ රටේ ජනතාවට විශාල අවබෝධයක් තියෙනවා. තව තවත් රටේ ජනතාවට සේවය කරන්න ඔබතුමාට ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.” ඥානතිලක හිමියෝ පැවැසූහ.

අනතුරුව උන්වහන්සේ රත්රන් ආලේපිත මංජුසාවක් අගමැතිවරයාට තෑගි කළේය. එහි වූයේ කුමක්දැයි මැති ඇමැතිවරුන්ට කුතුහලයක් විය. නමුත් එය සොයා ගැනීමට නොහැකි වූයේ අගමැතිවරයා සිය වාහනයට යන තෙක් අතේ තබාගෙන සිටීමය. පසුදින පෙරවරුවේම ජයශ්‍රීමහා බෝධියට කිරිපිඬු පූජා කිරීම සිදුවුණේද අගමැතිවරයා අතිනි. එදින අනුරාධපුරයේ ගත කළ අගමැතිවරයා පසුදින මඩු පල්ලියේ මංගල්‍යය වෙනුවෙන් පැවැති විශේෂ දේව මෙහෙයට එක්විය. මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් දේව මෙහෙය පැවැත්වූහ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here