මිනී පෙට්ටිය කනත්ත ළඟටම ඇවිත්…දයාසිරි කිවුව අමුතු කතාව!

0

“මිනී පෙට්ටියයි හර්ස් එකයි දෙකම දැන් කනත්ත ළඟටම ඇවිල්ලා එකේ වැලලෙන්න බැරි නිසා අපි අයින් උනා..තව දුරටත් ශ්‍රිලනිපය එක්සත් ජාතික පක්ෂයේ එල්ලිලා හිටියොත් පක්ෂයක් විදිහට ආයෙත් ගොඩ ගන්න බැරි තරමට අපිව වැටෙනවා.හැකි ඉක්මනින් ජාතික ආණ්ඩුවෙන් ශ්‍රිලනිපය ඉවත් විය යුතුයි.”යැයි හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රිලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.මාධ්‍ය හමුව සදහා ඇමතිකම් අත්හැර දැමු එස්.බී.දිසානායක,ඩිලාන් පෙරේරා,චන්දිම වීරක්කොඩි එක්ව සිටියහ.එහිදී මාධ්‍යවේදීන් ජයසේකර මහතාට කීවේ කැබිනට් මාධ්‍ය හමුව දයාසිරි ජයසේකර මහතා නොමැතිව පාළුවට යන බවයි.ඊට ජයසේකර මහතා දුන්නේ කදිම පිළිතුරකි.

“මම කැබිනට් මාධ්‍ය හමුවේදී හැම දේම කතාකලේ ආණ්ඩුවේ කටයුතු විදිහට.හැබැයි සමහරු තම තමන්ගේ පුද්ගලික කතා කියන තැනක් බවට කැබිනට් මාධ්‍ය හමුව පත්කරගත්තා.මම ඒ ගැන කණගාටු වෙනවා.ඒ හැසිරීම් ගැන.අවංකව කතාකරන්න පුළුවන් කැබිනට් එකක මාධ්‍ය ප්‍රකාශක කෙනෙක් වෙලා අයෙත් හමුවෙමු”යැයි දයාසිරි ජයසේකර මහතා මෙහිදී කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here