මැදමුලනට ගිය මෛත්‍රී රාජපක්ෂ පවුලේ අයට කිව්වේ මොනවාද ?

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා ටියුඩර් රාජපක්ෂ මහතාට අවසන් ගෞරව දැක්වීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා උදෑසන වීරකැටිය මැදමුලන නිවස වෙත පැමිණියේය.ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය වීරකැටිය ඩී.ඒ.රාජපක්ෂ ක්‍රීඩාංගනයට ගොඩ බැස්වීය.ජනාධිපතිවරයා සමග ඇමති විජේදාස රාජපක්ෂ,ඉසුර දේවප්‍රිය,ලසන්ත අලගියවන්න ඇතුලු පිරිසක්ද එක්ව සිටියහ.ම්

මැදමුලන නිවසට ඇතුලුවන ගේට්ටුව අසලට චමල් රාජපක්ෂ පැමිණ සිටියේය.

නිවසේ දොරකඩදී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතාව පිලිගත්තේය.දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව ජනාධිපතිවරයා රාජපක්ෂ පවුලේ සහෝදර සහෝදරියන් සමග කතාබහ කලේය.

“මම ඉතින් මේ හැම ගෙදරකටම ඇව්ල්ල තියනවනේ.නාපු ගෙයක් නෙමෙයිනේ.”මෛත්‍රි කීවේය.

“ඔව් ඒකනේ..ඔබතුමා ඇවිල්ල තියනවනේ ඕන තරමි”චමල්ද සිනා සෙමින් කීවේය.

“ඔව් ඒකනේ මේ ආවේ අවුරුදු හතරකට පස්සේ..” ජනාධිපතිවරයා සිනාසෙමින් කෑවේය.

අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟද මෛත්‍රි කතාකලේය.මිනිත්තු 45කට ආසන්න කාලයක් පිරිස ආගිය තොරතුරු කතාබහ කලේය.

අනතුරුව එම නිවසින් සමුගෙන කොළඹ බලා ගිය ජානාධිපතිවරයා එන අතරතුරදී මැති ඇමතිවරුන්ට කියා ඇත්තේ තමා මැදමුලනට ගිය එක ඉතාමත් හොද දෙයක් කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here