මාස හතරක් පොලිසියට කට්ටි පැන්න රොයිස් මාට්ටු

කාටන ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී  පුද්ගලයකුට පහරදී  එම නිවසේ තිබු ජංගම දුරකතන 5 ක් වෑන් රියක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු  එක්සත් ජාතික පක්ෂයේ මීගමුවේ  හිටපු ආසන සංවිධායක  හිටපු පළාත් භා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මීගමුව නගරයේදී අද ( 07) කටාන පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම සිද්ධියෙන් අනතුරුව පොලිසිය මගහරිමින් මාස 4 කට අධික ඛාලයක් සැඟව සිටියදී මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු  හෙට( 08) මීගමුව  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here