මාරුවකට රෙඩි වෙන අයියා..මලෝ කවුද?

0

හම්බන්තොට පැත්තේ මේ දවස්වල හරි හරියට කතා කියන ලොක්කේක් ඉන්නවලු.පක්ෂයක ලොකු තනතුරකුත් මිනිහට දැන් ලැබිලලු.කට කයිවාරුව වැඩියි කියලා මේ දවස්වල හුඟක් දෙනෙක් මෑන්ට ලෙඩේ දානවලු.ඒක මිනිහටත් ආරංචි වෙලාලු.ඕන දෙයක් කියපුදෙන් මම බය නෑ උන්ට..ලොක්කා ඉන්නේ මාත් එක්ක කියලා දවසක් යාළුවෙකුටත් කිවුවලු.ඔය අස්සේ මෑන් රජරට පැත්තේ ඉන්න තව මලයෙකුට කෝල් කලාලු.”අනේ මල්ලි මොන වදයක්ද බං මේක.කවුරු ගියත් මම නං යන් නෑ.මුන් අපිට පුදුම වදයක් දෙන්නේ”කිවුවලු.

“ඔව් අයියා…මටත් දැන් එපා වෙලා.හිතුනොත් දමල ගහල මමත් යනව යන්න”කියලා රජරට මල්ලිත් කිවුවලු.දෙන්නට මාරම අවුලක්ලු.ඒත් කාගෙන ඉන්නවලු.බැරිම උනොත් මාරුවකටත් ලෑස්තිලු…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here