මානව හිමකම් කවුන්සිලය ගැන ලන්සා කල හෙලිදරව්ව

0

2015 සැප්තැම්බර් මාසයේදී මානව  හිමිකම කවුන්සලය සම්මත කරන ලද 30/1 යෝජනාව නමැති ඇමරිකානු තොණ්ඩුව සියතින් ගෙන ගෙලට දමාගත් ආණ්ඩුව එයින් මිදීමට  ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උනන්දුවක් නොදක්වන බව ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමලාන්සා මහතා ප්‍රකාශකලේය

මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශකලේ ඔහුගේ දේශපාලන කාර්යාලයේදී පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් සමග  පැවති සාකච්චාවකදීය.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය “දේශපාලන පක්ෂග්‍රාහිත්වයේ අශූචි ගොඩක්” බවත් “කුහක සහ ආත්ම ලාභය” වෙනුවෙන් ක්‍රියාකරන මානව හිමිකම් මණ්ඩලය “මානව හිමිකම් සමච්චලයට ලක්කරන” බව ද පවසමින්  ඇමෙරිකා එක්සත් ජනපදය මානව හිමිකම් කවුන්සලයෙන්  ඉවත්ව ඇත.

මෙම අවස්ථාව ශ්‍රීලංකාවට වාසිදායක ලෙස යොදාගැනීමට රජය උත්සාහ නොකරන බවට මන්ත්‍රීවරයා චෝදනා කරයි.රටට මොනවා උනත් තමන්ගේ පැවැත්ම පමණක් ගැන කල්පනා කරන සමහර රජ්‍ය නොවන සංවිධාන සහ ඔවුන් වෙනුවෙන් සහ බෙදුම් වාදී දෙමල ඩයස්පෝරාව වෙනුවෙන් පෙනීසිටින සමහර දේශපාලකයන් 30/1 යෝජනාව තව දුරටත්  පුර්ණ වශයෙන් ක්‍රයාත්මක කලයුතු බව ප්‍රකාශ කරමින් සිටීන බවද මන්ත්‍රීවරයා  පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here