මාධ්‍යම කාරක සභාවේදී 16 දෙනා ගොළු වෙයි!

ශ්‍රිලනිපය ජාතික ආණ්ඩුවේ ඉන්නවාද නැද්ද යන්න කිසිදු තීරණයක් ඊයේ රාත්‍රි රැස්වුණු එම පක්ෂයේ මාධ්‍යම කාරක සභාවේ ගෙන නැතැයි වාර්තාවේ.

එම තීරණය ඉදිරියේදී ගැනීමට නියමිත බවත් එය බොහෝ දුරට පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභාවේදී ගැනීමට තීරණය කර ඇති බවත් එම පක්ෂයේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු කීවේය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ රාත‍්‍රියේදී ජනාධිපති නිල නිවසේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව පැවැත්විණි.

ඒ අනුව එහිදී තීරණය වී ඇත්තේ ශ‍්‍රීලනිප ප්‍රතිසංවිධාන කටයුතු සිදුකිරීමට පෙර තාවකාලික නිලධාරී මණ්ඩලයක් පත් කිරීමටය.

එම තාවකාලික නිලධාරී මණ්ඩලය ජුනි මස 03 වන දා පත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් ශ‍්‍රිලනිපය ජාතිය ආණ්ඩුවේ තවදුරටත් ඉන්නවාද නැද්ද යන්න තීරණය ඊයේ ගැනීමට නියමිත බව කී අමාත්‍ය තනතුරු අත්හළ මන්ත්‍රීවරුන් 16 දෙනා එහිදී නිහඬව සිටි බවද වාර්තාවේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here