මාධ්‍යම කාරක සභාවේදී ජනපතිගෙන් චන්ද්‍රිකාට ඇස් රතුවෙන උත්තරයක්!

0

ජාතික ආණ්ඩුවේ කටයුතු ඉදිරියටත් සිදුකිරීම සදහා ශ්‍රිලනිප සහාය උවමනා යැයි තේරුම් ගැනීමට එජාපයට දින දෙකක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා පැවති ශ්‍රිලනිප මාධ්‍යම කාරක සභාවේදී පවසා තිබේ.

ජාතික ආණ්ඩුවේ කටයුතු ඉදිරියට කරගෙන යාමේදී එජාප මැති ඇමතිවරුන් ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ට කරන චෝදනා හමුවේ ඔවුන් ඉන් ඉවත් වුවහොත් එජාපයට තනිව ආණ්ඩුවේ කටයුතු සිදුකල නොහැකි බව මෙහිදි කාරක සභාවේ අවධානය යොමු වී ඇත.ඒ අවස්ථාවේ කෝපයට පත් හිටපු ජානාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙදී කවුරු ඉදිරිපත් වුවද ජයග්‍රහණය කිරීමට තිබු බවය.ඇය එසේ කියමින් නැගිට ගොස් ඇති බවද වාර්තාවේ.අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇයට අපූරු පිළිතුරක් ලබා දී තිබේ.

“ඔය කියන තරම් තත්වයක් එදා තිබුණේ නෑ.චන්ද්‍රිකා මැතිණිය මෙතන හිටියනන් හොදයි.මම ජීවිතය පරදුවට තියල මේ තීන්දුව ගත්තේ.හරි එහෙමනන් එදා යු.එන්.පී.එක්කෙනෙක්ව දාන්න තිබ්බනේ.කවුරු කොහොම කිවුවත් පක්ෂයේ තීන්දුවක් ගත්තනම් එක් ඒ විදිහට තියෙන්න ඕනා.විශ්වාසභංගයට අත උස්සපු මේ 16 දෙනා මම කොහොමත් තනි කරන්නේ නෑ.”යැයි ජනාධිපතිවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here