මහින්ද ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් හදිසියේම කැදවයි!

ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රිලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.අද පස්වරු 5ට විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම හමුව පැවැත්වේ.එහිදී ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ මැතිවරණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.අමාත්‍ය තනතුරු අත්හල ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16 ගේ සහාය ලබාගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here