මහින්ද ගැන කිසි බයක් තියාගන්න එපා….මෛත්‍රී සංවිධායකයින්ට කිව්ව කතාව

0

 

නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමෙන් වෙනස් වූ දේශපාලන බල පෙරළිය මේ වන විට රටේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. මේ වන විට ආණ්ඩු පක්ෂය බවට පත්ව සිටින ඒකාබද්ධ විපක්ෂය ඔවුන්ගේ බහුතරය පෙන්වීම සඳහා කටයුතු කරමින් සිටී. එක්සත් ජාතික පෙරමුණද සිය බහුතරය පෙන්වීම සඳහා දන්නා උප්පරවැට්ටි සියල්ලම දමමින් තිබේ.

එක්සත් ජාතික පෙරමුණේ සිටින මන්ත්‍රිවරු දිනෙන් දිනම ඇමැතිකම් ලබාගනිමින් මෛත්‍රි සහ මහින්ද ආණ්ඩුවට සහාය දැක්වීමට පැමිණ තිබේ. එහෙත් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව රටේ ජනතාව තුළ ඇත්තේ දැඩි

තත්ත්වය එසේ තිබියදී සිදුවූ දේශපාලන බල පෙරළිය ගැන කතා කිරීම සඳහා ජනාධිපතිවරයා පසුගිය බදාදා ශ්‍රී ලනිප ආසන සංවිධායකවරුන් කොළඹට කැඳවිය. කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම හමුව පැවැත්විණි.

‘තමුන්නාන්සේලා කලබල වෙන්න ඇති මම මේ ගත්ත තීරණය ගැන. මට ආරංචි වුණා සමහරු තැන් තැන්වල මේ ගැන කතා කරලා තියෙනවා කියලා. මම ඒ ගැන කියන්න තමයි තමුන්නාන්සේලාට එන්න කිව්වේ. මම මේ තීරණය ගත්තෙ බොහොම ඉවසලා බැරිම තැන. ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වුණේ. 6 වැනිදා මට එජාපයේ කට්ටියගෙන් ලියුමක් එනවා ජනාධිපති ලෙස මාව පත් වුණාට පස්සෙ, පහුවදාම විධායක බලතල සියල්ල අගමැතිතුමාට පවරන්න කියලා. මම රතන හාමුදුරුවොයි, පාඨලී, රාජිතයි ගෙනැල්ලා මේ ගැන කිව්වා. පස්සෙ මම ලියුමක් යැව්වා එහෙම බලතල පැවැරීමක් කරන්න බෑ. මම රනිල් වික්‍රමසිංහව අගමැති කරනවා කියලා.

ඒ වගේම මම ඉන්නකන් බලය බෙදා හැරීම කවදාවත් වෙන්නෙ නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජාත්‍යන්තරය අල්ලාගෙන කුමන්ත්‍රණයකින් හරි ආයෙ අගමැති වුණොත් මම එක මොහොතක් මේ පුටුවෙ ඉන්නෙ නෑ.

මම ජනතාව එක්ක පාරට බහිනවා.’ යැයි මෛත්‍රි කීවේය.

මේ අවස්ථාවේ සංවිධායකවරුන් බොහෝ දෙනකු ජනාධිපතිවරයා ගත් තීන්දුවට ස්තුති කළේය. ඒ අතරවාරයේ දයාසිරි ජයසේකර මහතා නැඟී සිටියේය.

‘මේ තීරණය ගැන ඔබතුමාට ස්තුති කරන්න ඕනේ. නිවැරැදි දේ වුණා. මොකද අපේ බොහෝ සංවිධායකයො මේ ප්‍රශ්නය නිසා කකුල් දෙක දෙපැත්තක තියාගෙන හිටියේ යැයි ජයසේකර මන්ත්‍රිවරයා කියනවාත් සමඟ සංවිධායකවරුන් බොහෝ දෙනකු දයාසිරි සමඟ ඇවිළෙන්නට පටන් ගත්හ.

‘අපි කවුරුත් නම් එහෙම හිටියේ නෑ. තමුන්නාන්සෙ තමයි කකුල් දෙක දෙපැත්තටම තියාගෙන හිටියේ’ සංවිධායකවරුන් කිහිපදෙනෙක් විරෝධය දක්වමින් පැවැසූහ.

අනතුරුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාටද මැදිහත් වීමට සිදුවිය.

‘දැන් යූඑන්පීය කියනවා කොළඹට සෙනඟ ගෙනැල්ලා ලොකු විරෝධයක් තිබුණා කියලා. ඒ විරෝධයට ඇවිල්ල තියෙන්නෙ විසිදාහයි. ඒකෙනුත් අරලියගහ මන්දිරය ළඟට ඇවිල්ලා තියෙන්නේ 700යි. සෙනඟ ගෙනැල්ලා මේවා කරන්න බෑ. අපිටත් පුළුවන් සෙනඟ පෙන්වන්න. මෛත්‍රි තරමක් කේන්තියෙන් කීවේය.

මේ අතර ජනාධිපතිවරයාගේ ශ්‍රී ලනිප මධ්‍යම කාරක සභාව බ්‍රහස්පතින්දා රාත්‍රියේ රැස්විය. එහිදීද ජනාධිපතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය ගැනද කතාබහ කළේය.

දැන් වුණත් යූඑන්පී එකෙන් එන්න ඕන තරම් ඉන්නවා. අපේ අය ඉවසනවානම්.

ඒ අයට ඇමැතිකම් දෙන්න පුළුවන්.

‘අපි මේ වෙලාවේ ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිතුමා ගත් මේ අභීත ක්‍රියාව ගැන’ තිලංග කීවේය.

‘ඔව්, ඒක ඇත්ත අපි මේ වෙලාවේ පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. ජනාධිපතිතුමාට සහාය දෙන්න ඕන’ සරත් ඒකනායක කීවේය

අනතුරුව තිබුණු තත්ත්වය ජනාධිපතිවරයා පොළොන්නරුව බලා පිටත්ව ගියේ විශේෂ ආගමික කටයුතු සහ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලුවේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here