මහින්ද උත්සවයට එනතුරු පිරිසක් ගහකට නැග විරෝධය පායි…චමල් මහින්දට කෝල් කරයි….ඒත් බෑ කියා උත්සවය කල් දායි

0

ඇඹිළිපිටිය ප‍්‍රදේශයේ විහාරස්ථානයක විවෘත කිරීමක් සදහා මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති සහභාගී වන බවට දන්වා තිබුණද හදිසියේම ඒ සදහා හිටපු කථානායක චමල් රාජපක්‍ෂ හා සබරගමු පළාත් සභාවේ සභාපති කාංචන ජයරත්න මහතා සහභාගී වීම නිසා එම ප‍්‍රදේශවාසීමහු දැඩි විරෝධය පල කලහ.

චමල් රාජපක්‍ෂ මහතාට විවෘත කිරීම සදහා ප‍්‍රදේහවාසීහු ඉඩ නොදුන් අතර පුද්ගලයන් දෙදෙනෙකු ගසක් මතට නැගී විරෝධය පෑහ.අනතුරුව චමල් රාජපක්ෂ මහතා මහින්දට සිය ජංගම දුරකථනයෙන් කතාකර මේ බව දැනුන්දුන්නේය.

“මහින්ද මේ අයට පහදිලි කරල දෙන්න එන්න බැරිවෙච්ච හේතුව…පොඩ්ඩක් ඉන්න මම දෙන්නන් මේ අයට…”චමල් මහින්දට එසේ කියමින් දුරකථනය විරෝධතා කරුවන්ගෙන් කෙනෙකුට දුන්නේය.

මොකද මේ විරෝධය…මට එන්න බැරිඋනා හදිසි වැඩක් නිසා..කලබල කරගන්න එපා..”මහින්ද කීවේය.

“සර්  අපි අවේ සර්ව බලලා..සර්ගේ වචනයක් අහල යන්න..විනාඩි 15කට හරි එන්න..”විරොධතා කරුවන් මහ හයියෙන් කීවේය.

“හරි මම වෙන දවසක ඇවිල්ල යන්න එන්නම්..”මහින්ද එසේ කීවද විරෝධී පිරිස් කීවේ මහින්ද පැමිණෙන දිනට යලි උත්සවය පවත්වන ලෙසයි.

අනතුරුව කංචන ජයරත්න මහතා මහින්ද රාජපක්‍ෂ මහතා නැවත දිනක කැදවාගෙන ඒමට පොරොන්දු වී උත්සවය නවතා දමා ඔවුන් දෙදෙනා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here