මහින්ද අවසන් තීන්දුව ගනී…ජනපති සටනට එන්න අධිකරණයේ මතය විමසයි!

0

දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව හිටපු ජනාධිපතිවරු ඕනම කෙනකුට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාවක් තිබෙන බවත් ඒ සඳහා නීතිමය තත්ත්වය පිළිබඳව ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් විමසා බලන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

හිටපු ජනාධිපතිවරයා එසේ පැවැසුවේ පිළියන්දල _ මාකන්දන ප්‍රදේශයේ ඔසු හලක් විවෘත කිරීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ප්‍රශ්නය _ එහෙම වුණොත් හිටපු ජනාධිපතිවරියත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වේවි?

පිළිතුර _ එනවද නැද්ද කියන එක අපිට තීරණය කරන්න අපහසුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පුළුවන්කම අපි මුලින් ලබාගන්න ඕන.

ප්‍රශ්නය _ මාධ්‍යවේදියකු පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධව ඔබතුමා සී.අයි.ඩී. එකේ ප්‍රශ්න කිරීමකට ලක්වුණා. ඒ ප්‍රශ්න කිරීම ඔබතුමා දකින්නේ කොහොමද?

පිළිතුර _ එක් අවස්ථාවක මුස්ලිම් සහෝදරවරු පිරිසක් මගේ ළඟට ඇවිල්ලා එයාලගේ සහෝදරයෙක් මරල කියල ඒ සම්බන්ධව සොයා බලන්න කියල මගෙන් ඉල්ලීමක් කළා. ඒ අවස්ථාවේ මම ඔය වගේම සොයලා බලල ඒ අපරාදේ කරපු අය අත්අඩංගුවට අරගෙන නඩු දාලා තියෙනවා. ඒ වගේ යම් යම් අවස්ථාවල පහළින් වැඩක් කෙරෙන්නෙ නැති වෙනකොට ඇවිල්ල කියනවා. මේකත් ඒ වගේ සිද්ධියක්. මේකෙන් අදහස් කරන්නෙ නැහැ මම මේකට සම්බන්ධයි කියලා. ආණ්ඩුවට ඕන හැම තිස්සේම විපක්ෂයට මඩ ගහන්න. ඒක ආණ්ඩුව සී.අයි.ඩී. එක ලවා කරගත්තා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here