මහින්ද අභියෝගය භාරගනී…..රනිල්ට මහේන්ද්‍රන් ගෙන්නන්න වෙයිද?

0

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඉදිරි දින කිහිපයේදී ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට බාර වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ස්ව කැමැත්තෙන්ම ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව වීරතුංග මහතා තමනට දැන්වූ බවද රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

මේ බව දන්වමින් අද දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට විශේෂ මෝසමක්ද ඉදිරිපත් කිරීමට නීතිඥ අනිල් සිල්වා මහතා කටයුතු කරමින් ඇතැයි තමනට උදයංග වීරතුංග මහතා පැවසූ බවද හිටපු ජනාධිපතිවරයා කීය.

තමන් විසින් උදයංග වීරතුංග මහතා මෙරටට ගෙන්වීම සදහා මැදිහත් වූ ලෙසින්ම බැඳුම්කර වංචාවේ චූදිතයෙක් වන අර්ජුන් මහේන්ද්‍රන් ශ‍්‍රී ලංකාවට ගෙන්වා පෙන්වන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවද රාජපක්‍ෂ මහත් තව දුරටත් කියා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here