මහින්දානන්ද එක රැයෙන් නිදහස් වෙන්න හේතුව මෙන්න!

0

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ විදෙස් ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු නියම කරන ලද ඇප මත නිදහස් කරන ලෙස ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළාය.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ අත්අඩංගුවට ගන්නා ලද හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.

නමුත්  ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා ඊයේ දිනයේදී  අපහොසත්වීම නිසා ඔහු රිමාන්ඩ් භාරයට පත් කැරිණි.

කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට ඒ අවස්ථාවේ නොහැකි බව අධිකරණයේදී හෙළි විය.

ගමන් බලපත්‍රයට අදාළ ලියකියවිලි  අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුට නියම කරන ලද ඇප මත නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරිය අද නියෝග කළාය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here