මහින්දානන්දට ඇප ලැබුණත් රිමාන්ඩ්!

0

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගනු ලැබ ඇප නියම වූ හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා  ඇප කොන්දේසි සපුරාලීමට අපහොසත් වීම නිසා ඔහු රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය.හිටපු ඇමැතිවරයාට රුපියල් 35,000ක මුදල් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඔහුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය විදෙස් ගමන් බලපත්‍රයට අධිකරණට ඉදිරිපත් කරන ලෙස නියෝග කළත් එම ඇප කොන්දේසිය සපුරාලීමට අලුත්ගමගේ මහතා අපහොසත්වීම නිසා මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කැරිණි.

 කොළඹ මහාධිකරණයේ විභාග කෙරෙන වෙනත් නඩුවක් සඳහා ඔහුගේ ගමන් බලපත්‍රය අධිකරණයේ භාරයට පත් කර ඇති බව ඔහුගේ නීතීඥවරුන් පැවසුවත් ඒ බව සනාථ කිරීම සඳහා අවශ්‍ය ලේඛණ ඉදිරිපත් කිරීමට නොහැකි බව අධිකරණයේදී හෙළි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here