මහින්දගේ ඉන්දීය සංචාරය ගැන ආණ්ඩුවෙන් හොයයි….

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තෙදින සංචාරයක් සඳහා අද දහවල් ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතය.

හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද මේ සංචාරයට එක්වන බව හිටපු ජනපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවට යන්නේ භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ විශේෂ ආරාධනාවක් අනුවය.

හිටපු ජනාධිපතිවරයා මේ සංචාරයේ දී එරට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ප්‍රබල දේශපාලනඥයින් කිහිප දෙනකු ද හමුවීමට නියමිතව ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් උදිත ලොකුබණ්ඩාර මහතා පැවසීය.රජය මෙන්ම විදේශ මාධ්‍ය බොහෝමයක් මෙම හමුව පිළිබඳව දැඩි අවධානයෙන් සිටින බවද වාර්තා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here