මහලේකම් අයියාගේ නංගී එජාපයේ පලමු සභාපතිනිය වෙයි!

0

එක්සත් ජාතික පක්ෂයේ නව සභාපතිනිය ලෙස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පත් කිරීමට අද රැස්වුණු ප්‍රතිසංධාන කමිටුවේ වැඩි අවධානය යොමුවී තිබේ.මීට පෙර ඇයට පක්ෂයේ මහ ලේකම් තනතුර ලබාදීමට යෝජනාවී තිබු අතර පසුව එය අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලබා දීමට තීරණය කෙරිණි.දැනට වැඩ බලන මහ ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේද ඔහුය.කෙසේ වෙතත් වාසල විත්ති වෙත වාර්තා වන ආකාරයට අතුකෝරළ ඇමතිවරියද සභාපති තනතුරුට වඩා වැඩි කැමැත්තෙන් සිටින්නේ මහ ලේකම් තනතුරටය.ගාමිණී අතුකෝරළ මහතාද කලක් පක්ෂයේ මහලේකම් තනතුරු හෙබවීය.ඉදිරි දින කිහිපය තුල පක්ෂයේ නව තනතුරු ලබාදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here