මහලේකම්කම ගන්න එජාප ඇමතිවරු දෙන්නෙක් සටනක

0

ඉදිරියේදී සිදුකිරීමට නියමිත එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංධාන වැඩපිලිවෙලේදී පක්ෂ මහ ලේකම් තනතුර සදහා අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය අතර සීතල යුද්ධයක් හටගෙන තිබෙන බව එම පක්ෂයේ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත කියා සිටියේය.

දැනට අකිල විරාජ් ඇමතිවරයා පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබයි.මීට පෙර පක්ෂයේ මහ ලේකම් කම තලතා අතුකෝරළ ඇමතිවරියට ලබාදීමට පක්ෂ නායකත්වය තීරණය කර සිට ඇති අතර පසුව එය වෙනස් වී ඇති බවද වාර්තාවේ.මෙම තත්වය මත අතුකෝරළ ඇමතිවරියට පක්ෂයේ වෙනත් තනතුරක් ලබාදී ඇය සැනසීමට තීරනය කර ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here