මන්හෝහන් සිං මහින්දට ගෝඨා ගැන කිව්ව කතාව

0

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව තෙදින නිල සංචාරයක් සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සඳුදා ඉන්දියාව බලා පිටත්ව ගියේය. නාමල් රාජපක්ෂ, ලොහාන් රත්වත්ත සහ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ද මේ සඳහා සහභාගි වූහ. ඉන්දියාවට ගිය මහින්ද පිළිගනු ලැබුවේ ප්‍රකට දේශපාලකයෙකු හා ඉන්දීය රජයේ උපදේශකයෙකු වන සුබ්‍රමනියම් ස්වාමි විසිනි. මෙම සංචාරය පිළිබඳව විදෙස් මාධ්‍ය සේම මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේද වැඩි කතාබහක් ඇති විය.

බදාදා පස්වරුවේ නවදිල්ලි නුවර රාශ්ටපතිභවන්හිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවිය. මේ අවස්ථාවට නාමල්, ජී.එල්. ද එක්ව සිටියහ. රාජ්‍ය තාන්ත්‍රිකයකුට ලැබෙන සැලකුම්වලින් මහින්දව පිළිගැනීමට මෝදි කටයුතු කර තිබීමද විශේෂත්වයකි. පැයකට ආසන්න කාලයක් තිස්සේ පැවැති එම සාකච්ඡාවෙන් අනතුරුව මහින්ද සහ මෝදි අතර විනාඩි 45 පෞද්ගලික කතාබහක් ද පැවැත්විණි.

මුලින්ම ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මහින්දගේ සහෝදරයකු වූ චන්ද්‍රා රාජපක්ෂගේ මරණය ගැන ශෝකය ප්‍රකාශ කළේය.

“බලයේ සිටියත් නැතත් යාළුවෝ යාළුවෝ මයි. අපේ යාළු මිත්‍රකම් එහෙම කියලා වෙනස් වෙන්නෙ නෑ.”

මහින්ද සමඟ සාකච්ඡාව අරඹමින් මෝදි අගමැතිවරයා කීවේය.

මහින්දගේ සංචාරයේ තවත් වැදගත් සිදුවීමක් වූයේ මහින්ද සහ ඉන්දියාවේ හිටපු අගමැති අචාමන්මෝහන් සිං අතර පැවැති සාකච්ඡාවය. දීර්ඝ කාලයක පටන් දැන හඳුනන මහින්ද මන්මෝහන් ඉතා උණුසුම් අන්දමින් පිළිගත්තේය. එම සාකච්ඡාවේදී මහින්ද යුද්ධය අවසන් කිරීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන් මන්මෝහන්ට ස්තුති කළේය.

‘ඉන්දියාව අපේ පැරැණිම මිතුරෙක්. ඒ වගේම අපේ ළඟම අසල්වැසියා වෙන්නෙත් ඉන්දියාවයි. ඒ මිත්‍රකම් අපි සැමදා පවත්වා ගන්න ඕනේ’ මහින්ද පැවැසීය.’

‘කොහොමද ගෝඨාභය’ මන්මෝහන් මහින්ද දෙස බලමින් විමසීය.

‘ඉන්නවා… ඉන්නවා මේ ටිකේ අධිකරණවල තමයි එයාට ඉන්න වෙලා තියෙන්නේ.’ මහින්ද කීවේ සිනාසෙමිනි.’

‘ඔබතුමාගේ නායකත්වය යටතේ ගෝඨාභයත් යුද්ධය නැති කරන්න විශාල දායකත්වයක් ඔබට දුන්නු බව අපි දන්නවා. රටක් විදියට අපටත් එය සතුටට කරුණක්.’ මන්මෝහන් කීවේය.’

අනතුරුව මහින්ද සහ නාමල් මනේකා ගාන්ධි සමඟද සුහද කතාබහක නිරත විය. ඇය සත්ත්ව හිංසනයට එරෙහිව පෙනී සිටින කාන්තාවකි. මෙම හමුවේදී වැඩි අවධානයක් ඒ සඳහා යොමු වීමද විශේෂත්වයකි.

‘කොහොමද බන්දුල’ පව් එයාට දම්වැල් දාල තියෙන්නෙ. දැන් වයස අවුරුදු 62ක්. ඒක ලෙහලා එයාට නිදහසේ ඉන්න දෙන්න’ මන්තා ගාන්ධි මහින්දට කීවේ දැඩි සංවේගයෙනි. ඇය මෙසේ බන්දුල යැයි පවසා තිබුණේ දෙහිවල සත්තුවත්තේ සිටින අලියකු පිළිබඳවය.

අනතුරුව මහින්ද නවදිල්ලි නුවරදී එරට පක්ෂ විපක්ෂ දේශපාලන ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් මෙන්ම විද්වත්හු විශාල පිරිසක් එක්ව සිටියහ. මෙම දේශනය පැවැත්වීමට පෙර එම ශාලාවේදී මහින්දට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. එහිදී මහින්දට විශාල මල් මාලාවක් පැලඳවීමට සංවිධායකයෝ කටයුතු කළහ.

‘මේක ඔබතුමාට දාන්නම ඕන. මේක තමයි අපේ ඉහළම ගෞරවයක් ලබාදීම සඳහා සිදුකරන සම්ප්‍රදාය.’ භාරතීය ජනතා පක්ෂයේ නියෝජිතයෝ කියූහ.

අනතුරුව තමිල්නාඩු දේශපාලනඥයන් රැසක් මහින්දට එම ප්‍රාන්තයටද පැමිණෙන්නැයි ආරාධනා කළහ.

‘හොඳයි.. හොඳයි.. මම ආපසු ආපුවඵංහම එන්නම්’ මහින්ද ඔවුන් අස්වසමින් කීවේය. එම දේශනය පවත්වමින් යුද්ධය ජයගත් පසුව රට සංවර්ධනය කළ ආකාරය පිළිබඳව අදහස් දැක්වීය.

‘ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියාත්මක කළ හමුදාමය කාර්යය පළමුවැනි විසඳුම නොවේ. එය අවසාන විසඳුමයි. ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා පවත්වා සාමකාමී විසඳුමක් ඇතිකර ගැනීමට කටයුතු කළත් එය අසාර්ථක වුණා. ඒ වගේම මගේ දර්ශනයේ ඉතාම වැදගත් ලක්ෂණය වශයෙන් පවතින්නේ ඉන්දියාව සමඟ සමීප මිත්‍රත්වය පවත්වා ගැනීමයි. ඔබේ මිත්‍රත්වය අපේ ඉදිරි අනාගතයට බෙහෙවින් වැදගත් වේවි’ මහින්ද කීවේය.

මේ අතර ද හින්දු පුවත්පත එහිදී සාකච්ඡාවක් පවත්වා තිබිණි. එම සාකච්ඡාවට දෙස් විදෙස් මාධ්‍යවලින් ලැබුණේ දැඩි ප්‍රසිද්ධියකි. එහිදී මහින්ද ඉදිරි ජනාධිපතිවරණය ගැන කතා කර තිබිණි.

ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් මගේ සහෝදරයකු ඉදිරිපත්වීමට පුළුවන්.’ මහින්ද එහිදී කියා තිබිණි. එහෙත් ඒ පැමිණෙන්නේ ඔහුගේ සහෝදරයන් වන චමල්, බැසිල් සහ ගෝඨා යන අයගෙන් කවුරුන්දැයි නොකීමට ඔහු පරිස්සම් වීමද විශේෂත්වයකි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here