මට සමාවෙන්න සර්….වරදක් කලත් සිතකින් නෙමෙයි..ආයේ එහෙම නෑ…ෆෝන්සේකා ජනපතිගෙන් සමාව ගනී!

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද පෙරවරුවේ පැවති කැබිනට් රැස්වීමේන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සමාව ඉල්ලා තිබේ.

තමා විසින් අවස්ථා කිහිපයකදීම අනවශ්‍ය අදහස් දැක්වීම් සිදුකළ බවත් ඊට සමාව භාජනය කරන ලෙසත් ෆෝන්සේකා අමාත්‍යවරයා පවසා ඇතැයි වාර්තාවේ.

මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂමන් කිරිඇල්ල, තලතා අතුකෝරාළ හා රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්ම මහත්මින් ද මෙම අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි බවද ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.

මින් ඉදිරියට ජනාධිපතිවරයාට හානිවන කිසිදු අදහස් දැක්වීමක් නොකරන බවද  අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here