අගමැතිගේ විශ්වාසභංගය ගැන චමල් කිවුව දේ

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කතානායකවරයාට බාර දීමට නියමිත විශ්වාසභංග යෝජනාවට තමන්ද අද දිනයේ හෝ හෙට දිනයේ අත්සන් තබන බව හිටපු කතානායක ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ මහතා වාසල විත්ති වෙත පැවවසීය.

තමන් පහුගිය දිනවල හම්බන්තොට ප්‍රදේශයේ සිටි බැවින් ඊට අත්සන් තැබීමට නොහැකි වු බවද රාජපක්ෂ මහතා කීවේය.අගමැතිවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට බාරදීමට නියමිත විශ්වාසභංග යෝජනාවට චමල් රාජපක්ෂ මහතා අත්සන්කර නොමැති බවට පලවන වාර්තා පිළිබඳව අප කල විමසුමකදී හිටපු කතානායකවරයා මේ බව කීවේය.ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ගත් තීරණයක් මඟහැරීමට කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවද හෙතෙම වැඩි දුරටත් කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here