මගුලක් අස්සේ කංචන පවිත්‍රාට කේක් කැවූ හැටි

පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න මහතාගේ උපන්දිනය ඊයේට යෙදී තිබිණ.ඒ වෙනුවෙන් පෙරෙදා රාත්‍රි කොළඹ නිවසේදී පිරිතක් පැවැත්වු අතර ඊයේ මහා සංඝරත්නය වෙනුවෙන් හීල් දානය පිලිගැන්වීය.අනතුරුව රාත්‍රීයේ දෙදෙනාම බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හෝටලයේ පැවති විවාහ මංගල උත්සවයකට සහභාගී විය.ඒ වන්නිආරච්චි මහත්මිය පලමුවරට නියෝජ්‍ය ඇමතිවරියක් ලෙස පත්වු කාලයේ ඇයගේ මාධ්‍ය ලේකම්වරයා වු උපුල් ජනක ජයසිංහ මහතාගේ පුත්‍රයගේ විවාහ මංගල උත්සවයයි.උදය වරුවේ සිට දානයේ වැඩ කටයුතු නිසා කාර්යබහුල වු මොවුන් දෙදෙනා මේ සදහා යද්දී තරමක් රෑ බෝ වී තිබිණ.දෙදෙනාම හෝටලයට ඇතුලුවෙද්දී එහි සංගීත සාජ්ජය නතරවිය.ජයසිංහ මහතාගේ දියණිය හදිසියේම නිවේදිකාවක් වී කංචන,පවිතා යුවල පිළිගත්තේය.

“අද විශේෂ දවසක් අද අපේ පවිත්‍රා ඇමතිතුමියගේ හස්බන්ඩ් කංචන මහතාගේ බර්ත්ඩේ එක.අපි එතුමට සුබපැතුම් එක්කරන ගමන් කේක් එකක් තියනව ඒක කපන්න එන්න කියලා දෙදෙනාටම ආරාධනා කරනව.”සිදුවුයේ කුමක්දැයි අදහා ගැනීමට කංචන,පවිත්‍රා යුවලට මෙන්ම උත්සවයේ සිටි සියළු දෙනාටම නොහැකිවිය.කේක් කැපු කංචන පවිත්‍රා මන්ත්‍රීවරියට මෙන්ම නව යුවලටද කේක් කැපුවේය.කංචන ජයරත්න මහතාට වාසල විත්ති උණුසුම් සුබපැතුම්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here