බුද්ධිකගේ නියෝජ්‍ය ඇමතිකම මරුකල ඇමති කවුද?

0

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාට කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලබාදීමට අගමැතිවරයා ලිඛිතව ජනාධිපති ලේකම්වරයාට දැනුම් දී තිබියදී එය වෙනස් කරමින් ඔහුට ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය තනතුර ලබා දෙන ලෙස යළිත් වරක් ලිපියක් යැවීම පිටුපස අගමැති කාර්යාලයට සංබන්ධ දකුණේ අමාත්‍ය වරයෙකු සිටින බව බුද්ධික පතිරණ මහතා සැක පලකරයි.

“මගේ ඇමතිකම වෙනස් කිරීම පිටිපස්සේ ඉන්නේ දේශපාලන වශයෙන් මාව වට්ටන්න බලන් ඉන්න කෙනෙක්.බැරිවෙලාවත් මට ජලසම්පාදන නියෝජ්‍ය ඇමතිකම හම්බුනානන් වෙන්නේ මට මාතර ඡන්ද අඩුවෙන එක.මොකද මාතරට ලොකු වතුර ප්‍රශ්නයක් තියනවා.පැයක් වතුර ආවොත් පැයක් එන්නේ නෑ..මමත් ගෙදර ගියපු වෙලාවට නාන්න ගිහිල්ල සබන් ගාල වතුර නැතුව ඉදල තියනව.මාතර ජල ගැටලුව විසදෙන්නේ 2021කේ.ඉතින් මම ඒ ඇමතිකම ගත්තනන් මිනිස්සු අපේ අම්මට එක්කම බනී.මට ඒ ඇමතිකම දෙන්න ගියේ දේශපාලන වශයෙන් මාව වට්ටන්න.හොද වේලාවට දෙවියෝ බැලුවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here