බැසිල් හැරදා කංචන චමල් ලඟට යයි!

0

පවිත්‍රා වන්නිආරච්චි මන්ත්‍රීවරියගේ ස්වාමිපුරුෂයා වන සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ගෝලයාය.එහෙත් පසුගියදා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන්දිනය දා එම නිවසේ පැවති දානමය පිංකම අවසන් වී කංචන බොහෝ වේලාවක් හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සමඟ කතාබහ කරමින් සිටියේය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතාද මේ කතාබහට එක්ව සිටියේය.එය දුටු පවිත්‍රා මන්ත්‍රීවරිය එම ස්ථානයට පැමිණියේ සිනාසෙමිනි.

“ටිරාන් මල්ලි….අපේ මහත්තය මොකද මේ චමල් ඇමතිතුමා ලඟට වෙලා ඉන්නේ”පවිත්‍රා මන්ත්‍රීවරිය සිනාසෙමින් ඇසුවාය.

“මේ ටිකේ එක එක පදුරු වලට ගල් වැදෙනවනේ….යන එන ගමන් මගේ පදුරටත් ගලක් වදියි කියලයි බලන්නේ…..”චමල් රාජපක්ෂ මහතා සිනාසෙමින් කීවේය.පවිත්‍රා මන්ත්‍රීවරියද ඉල ඇට ඇදෙනකන් සිනාසුනාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here