බල්ලගේ වැඩේ බල්ලට කරන්න දෙන්න…බූරුවො ඕනේ නෑ…..දුමින්ද වජිරට කැබිනට්ටුවේදී දෙහි කපයි…..

0

ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයක යන මහහත්වරුන් අතර කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වී තිබේ.

ආපදාවට ලක් වූවන්ට වන්දි ලබා දීම නව අමාත්‍යංශය‍ට අයත් කටයුත්තක් වුවද ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ඊට මැදිහත්ව ප්‍රාදේශීය ලේඛම් කාර්යාල හරහා එම මුදල් ලබා දෙමින් සිටින බවට දුමින්ද දිසානායක මහතා චෝදනා කලේය.

“මේක කරන්න ඕනා අපේ අමාත්‍යාංශයෙන්..ඔබතුමන්ලාගෙන් නෙමෙයි.බල්ලගේ වැඩේ බූරුව කරන්න ගියාම ප්‍රශ්න ඇතිවෙනව”දුමින්ද කීවේය.

ඊට පිළිතුරු දී ඇති වජිර අබේවර්ධන මහතා තමා එම කටයුතු අතට ගෙන ඇති බවත් එය ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදා හරින්නේ නිවැරදි ක්‍රමවේදයට අනුව බවත් පවසා ඇතැයි වාර්තා වේ.

දෙදෙනා අතරේ වාදය යද්දි අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආපදා කළමනාකරණය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට අයත් විෂයක් බවත් මේ සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක එක්ව සාකච්ජා කර කටයුතු කරන ලෙස පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here