බන්ධනාගාරයට ගිය මහින්දානන්දගේ බෑගයේ තිබුණේ මොනවාද?

0

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම මත බන්ධනාගාරගත විය.ඔහු පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට එන විට රතු පැහැති බෑගයක ඇදුම් කිහිපයක් රැගෙන ආවේය.සිය සහෝදර මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම,නාමල් රාජපක්ෂ,බන්දුල ගුණවර්ධන,ගාමිණී ලොකුගේ,ඩී.වී චානක,කාංචන විජේසේකර ඇතුළු පිරිසක්ද පැමිණ සිටියහ.”මොකක්ද අයියා ඔය බෑග් එකේ තියෙන්නේ”චානක මන්ත්‍රීවරයා විමසීය.”ඇයි බං අද කොහොමත් මාව මුංටික එළියට දාන් නැති බව මම දන්නවා.ඇදුම් දෙකකුත් අරගෙනමයි මම ආවේ.”යැයි අලුත්ගමගේ මන්ත්‍රීවරයා කීවේ සිනා සෙමිනි.එහි තිබුණේ සරමක් සහ බැනියමකි.මාධ්‍යවේදීන්ද මන්ත්‍රීවරයාගෙන් මේ ගැන ප්‍රශ්න කළේය.”මම දන්නව කොහොමත් මේගොල්ලො අද මාව ඇතුලට දානව කියලා.ඒකයි මම මේ ඇදුම් අරගෙන ආවේ.අපිව නිකරුණේ අසාධාරණ හේතු මත හිරේ දාල ආණ්ඩුව හිතනවනම් අගමැතිතුමා හිතනවනම් අපේ දේශපාලනය නවත්තන්න ඒක විහිළුවක්”යැයි මහින්දානන්ද මන්ත්‍රීවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here