පොහොට්ටුව පුපුරයි…ගොඨා ගියේ බොරු ගමණක්…එජාප මන්ත්‍රීවරුන් අගමැති කාර්යාලයේ කල රහස් කතාබහ මෙන්න….

බ්‍රහස්පතින්දා අගමැතිවරයා පාර්ලිමේන්තු යනවිට වෙනදා ඔහුව පිළිගන්නට එන සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල නොසිටියේ විදේශගතවීම හේතුවෙනි. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලකට එදින වැඩ අධික දිනයක් වූයේ ඒ තුළය.

“හම්බන්තොට වරාය හා චීනය ගැන අද ඔබතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කළාම හෙට මහින්ද රාජපක්ෂ ඊට පිලිතුරු දිය යුතු වෙනවා” ගයන්ත කීය.

“කෝටි 112ක් චීනයෙන් පගාව ගත්තාය කියන එක චීනය ප්‍රතිකේෂ්ප කරල නැහැ. චීන රජය එවැනි පගාවක් නොදුන් බව විතරයි ඔවුන් කියන්නෙ. නිව්යෝර්ක් ටයිම්ස් පත්තරේ කියල තියෙන්නේ චීන රජය නොව චයිනා හාබර් සමාගම ඒ පගාව දුන් බවයි. මහින්ද ඒවාට පිලිතුරු දීම විනා පුවත පළ කළ නිව්යෝර්ක් පත්තරේට නඩු නොදමා ලංකාවේ ජනමාධ්‍ය වලට තර්ජන දාල හරියන්නේ නෑ. හිරු හා දෙරණ මේ චෝදනාවෙන් මහින්ද ගලවා ගන්න රෙදි නැතුව දඟලනවා” රන්ජන් රාමනායක කීවේ සිනාමැදය.

“හම්බන්තොට වරායේ අනාගතය ගැන ලංකාවට හා චීනයට දෙකටම බලපෑමක් නොවන ලෙසට අපි විසඳාගත්තා. තවත් විකල්ප තිබුණත් අපි හොදම දේ කළේ. අපි පගා අරන් චීනය එක්ක වැඩ කලේ නෑ” අගමැතිවරයා කීය.

“නිව්යෝර්ක් ටයිම්ස් එකට කතාකරන්න කියල ඒ අය මහින්දට ආරාධනා කළා. ඒ අභියෝගය පිළිගැනීම හෝ පාර්ලිමේන්තුවේ පිලිගත හැකි ප්‍රකාශයක් සිදු කිරීම දැන් මහින්ද මහතාගේ වගකීමයි. වටේ ගිහින් බෑ” නවීන් දිසානායක කීය.

“පසුපෙළ එජාප අය නිව්යෝර්ක් පත්තරේට ලිපියක් ලියලා ලංකාව ගැන මෙවැනි තවත් තොරතුරු තිබේ නම් “යහ පාලනය” ශක්තිමත් කරන්න ලංකාවට ඒ තොරතුරු ලබාදෙන්න කියලා අපි ඉල්ලනවා. ඇමෙරිකාවට ගිහින් හරි තොරතුරු ලබාගන්න අපි සූදානම් කියලත් ඒකේ ලියනවා” චමින්ද විජේසිරි කී විට සියලු දෙනාම ඊට සහය පළ කළහ.

“ ඒකාබද්දේ අය 2015 ලංකාවේ “ ඩේලි නිව්ස්” පත්තරේ තිබුණු ප්‍රවෘත්තියයි “නිව්යෝර්ක් ටයිම්ස් ” පුවතයි දෙකම එකයි මේක මඩක් කියලා රටට කියන්න හදනවා. මම පත්තර දෙකම බැලුවා. ඩේලි නිව්ස් එකේ තියෙන්නේ මෙවැනි පගාවක් අරන් තියෙනවා කියලා හා ඒ ගැන පරීක්ෂණ කළ යුතු බව විතරයි. ඒත් නිව්යෝර්ක් පත්තරේ මේ පගාවට අදාළ සියලු විස්තර බැංකු හා අනිත් තොරතුරු තිබෙනවා. එහෙම පගාවක් එදා ලැබුණු බව මමත් දන්නවා. ඒක කාගෙ සාක්කුවටද ගියේ කියල මේ ආණ්ඩුව පරීක්ෂණ කළ යුතුයි” නවීන් දිසානායක කීය.

“උදයංග වීරතුංග අබුඩාබි හිරේ අපා දුක් විදිනවලු. ඒ උසාවිය එයා නිදහස් කරන පසුබිමක් තිබෙනවා නම් එයා ලංකාවට එන්නෙ නෑ. එහේ උසාවියෙදි දැඩි දඬුවම් විදීමට සිදුවන බව දැනගෙනලු “බොරු වීරකමක්” පෙන්නලා ලංකාවට එන්න හදන්නේ. මමයි උදයංග ලංකාවට ගෙන්නන්නේ කියලා මහින්දත් ඒකෙන් ලකුණු දාගන්න හදනවා” රන්ජන් රාමනායක විස්තර කලේය.

“නඩු කඩිනම් කිරීමේ මහාධිකරණ 03 තාම පරක්කු ඇයි” ගයන්ත කරුණාතිලක විමසුවේ අගමැතිගෙනි.

“ඉක්මනින් පළවෙනි එක පිහිටවනවා. ඒ අත්දැකීම් මත අනිත් ඒවා පිහිටවන්න පුළුවනි” අගමැති කීය.

“විගණන පණත පාර්ලිමේන්තුවට ගෙන ඒම මේ රජය හා රට ලබන විශාල ජයක්. සමහර දූෂිත නිලධාරීන් 98 වතාවක් මේක කල් දාන්න ක්‍රියා කලා. ඒත් යහපාලන රජයේ දේශපාලකයන්ගේ උනන්දුව නිසා මේක අද ගේන්න ලැබුණා. ජනතාව මේවා තේරුම් ගන්න ඕනෑ” විජයදාස රාජපක්ෂ කළ විග්‍රහය අගමැති ඇතුලු සියලුදෙනා අනුමත කළහ.

“ගෝටා මුල්වරට පොහොට්ටු කාර්යාලයට ගිහින් සියලුදෙනා එක්ක හිනාවෙලා රඟපෑමක් කරල ඇතුලෙ ගින්දර වහගන්න හැදුවත් ජනාධිපති අපේක්ෂකය තෝරන දවසට පොහොට්ටු පුපුරනවා” චමින්ද විජේසිරි  කීවේ කාගේත් සිනාමැදය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here