පොහොට්ටුවේ උප සභාපතිවරුන් තෝරන්න ප්‍රසන්නගේ උඩුගම්පොළ ගෙදර රහස් ඡන්දයක්

0

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මීරිගම,බියගම සහ දොම්පේ යන පළාත් පාලන ආයතන සදහා තේරීපත්වු මන්ත්‍රීවරුන් අතරින් උප සභාපතිවරුන් තෝරාපත් කර ගැනීමට ඊයේ පෙරවරුවේ රහස් ඡන්දයක් පවත්වා තිබේ.

ඒ ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතාගේ උඩුගම්පොළ පිහිටි නිවසේදීය.මේ සදහා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා,සිසිර ජයකොඩි,දුලීප් විජේසේකර,ඉන්දික අනුරුද්ධ,ප්‍රසන්න රණවීර යන මන්ත්‍රීවරුන්ද පළාත් සභා මන්ත්‍රීවරුන්ද එක්ව සිටියහ.එහිදී සිදුවූයේ අපුරු දෙයකි.ප්‍රසන්නගේ උඩුගම්පොළ ගෙදර සුළු මොහොතකට ඡන්දපොලක් විය.මීරිගම,බියගම සහ දොම්පේ ආසනවලින් පොහොට්ටුව ජයග්‍රහණය කල මන්ත්‍රීවරුන් සියළු දෙනා තම තමන්ගේ ආසනවල ඡන්ද පෙට්ටියට හොර රහසේම ඡන්දය දැම්මේය.ඒ තම ආසනවල උප සභාපතිවරයා තෝරා ගැනීමටය.ඡන්දය අවසානයේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඡන්ද පොල නියෝජිතයන් ලෙස ඡන්ද පෙට්ටි සදහා අත්සන් තැබුවේය.සියළු දෙනා බලගෙන සිටියේ ඡන්දය ගණන් කර ප්‍රතිපලය කියන තුරුය.සීල් කරන ලද ඡන්ද පෙට්ටි එක වරම ප්‍රසන්න රණතුංග මහතාගේ වාහනයට පැටවීය.දැන් එවා ඇත්තේ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේය.ප්‍රථිපලය අද හෙටම නිකුත්වේ…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here