පොලු මුගුරු අරගෙන රංජිත් මද්දුමබණ්ඩාර පිලිගන්න හිටිය කට්ටිය දැක ආරක්ෂකයෝ කලබල වෙති..වාහනය වහාම හරවන්නැයි ඇමති කියයි!!

0

පසුගිය බදාදා සවස අමුතුම අත්දැකීමක් විඳගන්නට මද්දුමබණ්ඩාර අමාත්‍යවරයාට අවකාශ උදාවිය. ඒ ප්‍රවීණ නාට්‍ය හා සිනමා අධ්‍යක්‍ෂ සිසිල් ගුණසේකරගේ නවතම සිනමා කෘතිය වන”යක්ෂා දේශය” සිනමා පටයේ මුහුරත් උළෙලට සහභාගි වීමේ අවස්ථාවට එක්වීමේදීය. මද්දුමබණ්ඩාර අමාත්‍යවරයා මෙම මුහුරත් උළෙලට සහභාගි වූයේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන පුරවර සැරිසර ව්‍යාපෘතිය මඟින් මෙම සිනමා කෘති ජාත්‍යන්තරයට ගෙන යෑමේ කාර්යයට සමගාමීවයි. මම මුහුරත් උළෙල පැවැත්වුණේ චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදීය.

වෙනදා පැවැත්වෙන මුහුරත් උළෙලවලට වඩා මේ උත්සවය හාත්පසින්ම වෙනස් විය.මේ සූදානම ගැන කිසිත් නොදත් අමාත්‍යවරයා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වන විට බිහිසුණු පෙනුමැති ගෝත්‍රිකයන් විශාල පිරිසක් අමාත්‍යවරයා එන මඟ දෙපස අවි හා පොලු මුගුරු රැගෙන සිටින අයුරු දුටු අමාත්‍යවරයා තම ආරක්ෂක නිලධාරියාට සඳහන් කළේ “අපි වැරැදි තැනකටද ඇවිල්ල ඉන්නේ” කියාය. තරමක් තැති ගත් ආරක්ෂක නිලධාරියා සඳහන් කළේ “නෑ සර් මෙතැන තමයි තැන, අපි ඩයරිය බලලා තමයි ආවේ” යැයි කීවේය. “එතකොට කොළඹ 07ට ආපු මේ ආදිවාසීන් කවුද? කියා විමසන විට එතැනට පැමිණි චිත්‍රපට අධ්‍යක්‍ෂ සිසිල් ගුණසේකර මහතා මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා අසලට පැමිණ “සර් බයවෙන්න එපා, මේ මගේ චිත්‍රපටයේ එන දර්ශනයක අවස්ථාවක් තමයි රඟ දක්වන්නේ. සර්ව පිළිගන්න මේ වගේ දෙයක් කරන එක හොඳයි කියල මට හිතුන. ඒකයි මේ පිරිස ගෙන්නුවේ” යැයි පැවැසීය.

ඇමැතිවරයාට තත්ත්වය තේරුම් ගියේ ඉන්පසුවය. කලබලයට පත්වූ ඇමැති ආරක්‍ෂක නිලධාරීන්ද සන්සුන් වූයේ සිසිල් ගුණසේකරගේ පැහැදිලි කිරීමෙන් පසුවය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here