පාලම කලින් විවෘත කරන්න ගිය සභාපතිට වෙච්ච දේ මෙන්න…

වැලිගම පොල්වතුමෝදර නව පාලම රජය මගින් විවෘත කිරීමට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ විවෘත කිරීමට උත්සාහ කිරීමත් සමඟ එම ස්ථානයේදී ගැටුමක් ඇති විය.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසියට අමතරව කැරලි මර්ධන කණ්ඩායමක් ද කැඳවා තිබිණි.

අමාත්‍ය සාගල රත්නායක මහතා ඇතුළු ආරාධිතයින් පිරිසක් පැමිණ නව පාලම විවෘත කිරීමට පෙර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුළු පිරිසක් පැමිණ එහි සමරු ඵලකය නිරාවරණය කර විවෘත කිරීමට උත්සාහ කරන විටම පොලීසිය එය නතර කිරීමට මැදිහත් විය.

පොලිස් අධිකාරී ගයංග හසන්ත මාරපන මහතා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ අතින් අල්ලා ඔහු පසෙකට තල්ලු කර දැමීමත් සමග පොලීසිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස අතර උණුසුම් වචන හුවමාරු විය.

අදාල පාලම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ මුදල් වෙන්කොට ඉදිකිරීම් ආරම්භ කළ බවත් එය විවෘත කිරීමට වත්මන් රජයට සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් ඔවුන්ගේ චෝදනාව විය.

කෙසේ වෙතත් අයුතු ජනරාශියක සාමාජිකයින් වී කලහකාරීව හැසීරීම හා රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත සභාපති ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here