පාර්ලිමේන්තුව අවට දැඩි රැකවල් මන්ත්‍රීවරුන්ගේ කාමර ගැනත් අවධානයෙන්!

0

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ විවාද කෙරෙන විශ්වාසභංග යෝජනාව නිසා පාර්ලිමේන්තුව අවට දැඩි ආරක්ෂක වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක කෙරේ.ඒ අනුව අද දිනයේ මන්ත්‍රී පිවිසුමෙන් ඇතුළුවන සෑම මන්ත්‍රීවරයෙක්ම විශේෂ සෝදිසියකට ලක් කිරීමට නියමිතය.අවශ්‍ය ලියකියවිලි හැර පාර්ලිමේන්තුව තුලට කිසිදු බාහිර දෙයක් රැගෙන ඒමට අද නොහැකිය.ඊට අමතරව අද දිනයේ සියළු මන්ත්‍රීවරුන්ගේ ඇදුම් කාමර සහ ඔවුන්ගේ ඇදුම් අල්මාරි ද විශේෂ සෝදිසි කිරීමකට ලක් කෙරෙනු ඇති.පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය අද දිනයේ විශේෂ අමුත්තන් සඳහා පමණක් වෙන කර තිබේන අතර රථ ගාලද වසා දැමේ.මන්ත්‍රීවරුන්ගේ සියළු වාහන මන්ත්‍රීවරයා පැමිණි පසු ජයන්තිපුර රථ ගාල වෙත රැගෙන යනු ඇති.විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පෙරවරු 9.00ට ආරම්භ වන අතර එහි ඡන්ද විමසීම පැවැත්වෙන්නේ රාත්‍රි 9.30ට පමණය.ඒ වන තෙක් යෝජනාවට පක්ෂව ඡන්දය දෙන මන්ත්‍රීවරුන් පිළිබඳව සියළු පක්ෂ මෙන්ම ජනතාවද නොඉවසිල්ලෙන් බලාසිටිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here