පාර්ලිමේන්තුවෙන් අස්වෙන්න ඉන්න මන්ත්‍රීවරුන්ට බැසිල් කිව්ව දේ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සංසදය ඊයේ බත්තරමුල්ල නෙළුම් මාවත කාර්යාලයේදී රැස්විය. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට හිටපු මහ ඇමතිවරුන් වන ශෂීන්ද්‍ර රාජපක්ෂ, මහීපාල හේරත්, එස්.එම්. රංජිත් මහත්වරුන්ද පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති කංචන ජයරත්න ඇතුළු හිටපු පළාත් සභා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් විශාල පිරිසක්ද එක්වූහ.

ඉදිරි පළාත් සභා මැතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්, පොහොට්ටුව ළකුණින් තරඟ කිරීමටත්, ඊට පෙර සියළුම ආසන වල සංවිධායකයන් පත් කර අනුබද්ධ සංවිධාන සාදා අවසන් කිරීමටත්, එම පත්වීම් වලදී එදා සිටම මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග සිටි පළාත් සභා මන්ත්‍රීවරුන්ටද ප්‍රමුඛතාව දිය යුතු බවත් මෙහිදී තීරණය කරන ලදි.

තවද ඉදිරි පළාත් සභා ජයග්‍රහණයට පාර්ලිමේන්තුවෙන් ඉවත්ව පැමිණ මහ ඇමති අපේක්ෂකත්වය වෙනුවෙන් තරඟ කිරීමට යම් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලාගේ සූදානම පිළිබඳවද මෙහෙදී දිර්ඝ ලෙස සාකච්ඡා වූ අතර පවතින දේශපාලන වාතාවරණය හමුවේ පාර්ලිමේන්තු බල තුලනයද වැදගත් නිසාත්, දැනට සිටින පළාත් සභා කණ්ඩායම් ඉතා ශක්තිමත් නිසාත් ඒ අතර ඉතාමත් සුදුසු, දැඩි කැපවීමෙන් ක්‍රියා කල පුද්ගලයන්ට එම ධූර සඳහා අවස්ථාව දිය යුතු බවත් යෝජනා වූ අතර එම යෝජනාවද එකමතිකව සම්මත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here