විධිමත් ක්‍රියා පටිපාටියෙන් තොරව පාර්ලිමේන්තුව රැස්කරමින්රජයට සිදුවන පාඩුව කථානායකවරයාගෙන් අයකර ගැනීමට කටයුතු කරන බව තැපැල් හා විදුලි සන්දේශ කටයුතු අමාත්‍ය සී.බී. රත්නායක “මව්බිම”ට පැවැසීය.
ඒ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවද හෙතෙම කීවේය.
ආණ්ඩු පක්ෂයක් නොමැතිව “සිරිකොතේ” රැස්වීමක් මෙන් පාර්ලිමේන්තුව පැවැත්වීම නිසා අති විශාල මහජන මුදල් සම්භාරයක් වියදම් වන බවද ඇමැතිවරයා කියා සිටියේය.
එම මුදල කථානායකවරයාගෙන් අයකර ගැනීමට රජය අනිවාර්යෙන්ම කටයුතු කරන බවද රත්නායක ඇමැතිවරයා සඳහන් කළේය.
කථානායකවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා පාර්ලිමේන්තුවේ ඇතිවුණු ගැටුම්වලදීද විශාල අලාභහානි සිදුවූ අතර එම මුදලද ඔහුගෙන් අයකර ගත යුතු බව ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
මව්බිම