පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් අලුත් නායකයෙක් ගේන්න හදයි!

0

එජාප නායකත්වය වෙනස් නොවුණහොත් පක්ෂයට ගොඩ ඒමක් නැති බව එම පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 22 යුත් කණ්ඩායමක් අවධාරණය කරති.පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාම සදහා ඉදිරි කාලය තුළ දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නා බවද එම කණ්ඩායමේ ජේෂ්ඨ ප්‍රකාශකයෙකු වාසල විත්ති වෙත හෙළිදරව් කලේය.විශ්වාසභංග යෝජනාව සම්මත කර ගැනීම සදහා සහයෝගය ලබාදීමට තීරණය කලේ නායකත්වය වෙනසක් සිදුකරන බවට රනිල් වික්‍රමසිංහ මහතා දුන් පොරොන්දු නිසා බවද හෙතෙම කීවේය.ඉදිරි කාලය තුළ තම කණ්ඩායම හමුවී සකාච්චාකර තීන්දුවක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here