පක්ෂනායක හමුවේදී කිරිඇල්ල සහ තිලංග ඇරගැනීමට හේතුව මෙන්න

0

නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කරමින් පක්ෂයේ මාධ්‍ය හමුවලට තිලංග සුමතිපාල මහතා සහභාගීවීම නුසුදුසු ක්‍රියාවක් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේ  පැවති පක්ෂ නායක හමුවේදී ප්‍රකාශ කිරීමට ගොස් ඔවුන් දෙදෙනා අතර දැඩි වාග් ප්‍රහාර මැද මත ගැටුමක් ඇතිවී තිබේ.

“මෙතුමා නියෝජ්‍ය කතානායකධුරය හෑල්ලුවට ලක්කරනව.ඒ තනතුරේ ඉන්න ගමන් ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවලට ගිහින් විශ්වාසභංගය ගැන කියනව.එහෙම කරන්නේ කොහොමද?”ලක්ෂමන් කිරිඇල්ල ඇමතිවරයා කීවේය.

“මම නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආසනයේ ඉන්නකොට මම බොහොම පහැදිලිව ස්වාධීනව කටයුතු කරනවා.මම පක්ෂයක සාමාජිකයෙක් මට පක්ෂයේ රැස්වීම්වලට යන්න වෙනවා.මම මේ තනතුරු පටලවාගෙන නෑ”තිලංග සුමතිපාල මහතා පැවසීය.

“එහෙම කරන්න බෑ ඔබතුමාට.නිකන් තනතුරු හෑල්ලුවට ලක් කරන්න එපා.එදා මාධ්‍ය හමුවෙදි එස්.බී. සහ මෙතුම දේන්නම ඒ ගැන කතාකලා.”කිරිඇල්ල ඇමතිවරයා තරමක් කේන්තියෙන් කියාගෙන කියාගෙන ගියේය.

පසුව මෙම ප්‍රශ්නයට ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාටද මැදිහත් වීමට සිදුවිය.

” නියෝජ්‍ය කතානායකවරයා උනාට එතුම පක්ෂයක් නියෝජනය කරනවා එතකොට ඒ රැස්වීම් වලට යන්න වෙනවා.දැන් නියෝජ්‍ය කාරක සභා සභාපති උතුරේ තියන රැස්වීම් වලට යනවනේ එහෙම තමයි.ඔබතුම ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක්නේ තේරුම් ගන්න.”දිනේශ්  ගුණවර්ධන මහතා කීවේය.”දැන් ඔය ප්‍රශ්නය මෙතන කතාකරන වෙලාව නෙමෙයි.අපි ඕක වෙනම කතාකරමු මම ඔබතුමාට පැහැදිලි කරල දෙන්නම් .දැන් අපි ආපු වැඩේ කතකරමු” නියෝජ්‍ය කතානායකවරයා කිවේය.පසුව දෙදෙනා අතර මත ගැටුම නතර විය.පක්ෂ නායක හමුව අවසන් වී පාර්ලිමේන්තුවේන් එළියට පැමිණෙන විට නියෝජ්‍ය කතානායකවරයාට දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා හමුව්ය.

“කිරිඇල්ල හැදුවෙ ආපු වැඩේ බකල් කරල වෙන ප්‍රශ්නයක් ඇතිකරන්න මම එකට අහුවුනේ නෑ”තිලංග සුමතිපාල මහතා සිනාසෙමින් කීවේය.”ඔව්..ඔව්..ඒක මටත් තේරුනා දැන් යු.එන්.පී එක පිස්සු වැටිලා ඉන්නේ.කොහෙද යන්නේ මල්ලේ පොල් තමයි.”දිනේශ් ගුණවර්ධන මහතාද සිනාවකින් උත්තර දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here