නොගැලපෙන මගුල දික්කසාද කර මනමාළයා එක්කන් ආවා… මහින්ද කිව්ව අපූරු කතාව මෙන්න

0

ජනාධිපතිවරයා අවුරුදු හතරක් නොගැලපෙන දීගයක් කෑ බවත් අමාරුවෙන් මේ මගුල දික්කසාද කර මනමාළයා නැවත ගෙන ආ බවත් මහින්ද රජපක්ෂ මහතා පැවසීය.
මාස 06ක් ඇතුළත යළි බලයට පත්වී නුවර – කොළඹ අධිවේගී මාර්ගය මාස 06ක් තුළ ජනතා අයිතියට පත් කරන බවද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ “ඉවසුවා ඇති” ජනරැළි මාලාවේ පළමු රැළියට මහනුවරදී අමතමින්ය.
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරන ”ඉවසුවා ඇති”  ජනරැළි මාලාවේ පළමු රැළිය මහනුවර පොදු වෙළඳපොල භූමියේදී පැවැත්වුණි.
ඒ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්ගේ හා සාමාජිකයින්ගේ සහභාගිත්වයෙනි.
කෙ‍සේ වෙතත් මෙම ජනරැළිය සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ දැනට කටයුතු කරන මන්ත්‍රිවරුන් සහභාගි වි සිටියේ නොමැති බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here