නායකතුමනි ඉවසුවා ඇති…අපිට ගමට යන්න බෑ…චමින්ද විජේසිරි ස්වාධීන වෙයි!

බදුල්ල දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබේ.ඔහු සමඟ මෙසේ ස්වාධීන වීමට එජාප පසුපෙළ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් සිටින බවද හෙතෙම කීවේය.”නායකතුමනි,ඉවසුවා ඇති.දැන් අපේ හඬට සවන් දෙන්න.මේ ආණ්ඩුවේ වැරදි තියනවනන් ඒවා විවේචනයට අපිටත් ඉඩක් ඕනා.නැත්තන් අපිට ගම්වල බැහැල යන්න බෑ.ඒකාබද්ධ විපක්ෂයේ අයට වෙනම කටයුතු කරන්න පුළුවන්නම්,ශ්‍රිලනිප 16 කණ්ඩායමක් වෙනම කටයුතු කරන්න පුළුවන්නම් අපිටත් පුළුවන්.නායකතුමනි මේවා දැන් අපි ප්‍රසිද්ධියේ කියනව.අපේ හඬට ඇහුම්කන් දෙන්න”යැයි මන්ත්‍රීවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here