නාමල්ට ඇමරිකාව තහනම් වු හේතුව

0

රුසියානු ජනාධිපතිවරණයේ විශේෂ නිරීක්ෂණයක් සදහා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එය අවසන් වී ඇමරිකාවට යාමට දැරූ උත්සාහය එම රට විසින් තහනන් කිරීම හෙතුවෙන් පෙරලා යලි දිවයිනට පැමිණීමට සිදුවී ඇතැයි වාර්තාවේ.

පසුගිය අඟහරුවාදා මන්ත්‍රීවරයා සමඟ පාර්ලිමේන්තු මන්ත්‍රීනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු විශේෂ නිරීක්ෂණ කණ්ඩායමක්  රුසියාව බලා පිටත්ව ගියහ.

රුසියානු ජනාධිපතිවරනයේ නිරීක්ෂණ කටයුතු අවසන් වී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙසේ ඇමරිකාව බලා යාමට උත්සාහ දරා ඇත.

ඉන් පසුව ඔහුට දැන ගැනීමට ලැබී ඇත්තේ ඇමරිකාව විසින් මන්ත්‍රීවරයා එරටට පැමීණීම තහනන් කරමින් නියෝග නිකුත් කර ඇති බවයි.

ඇමරිකාවේදී මියගිය තම නැන්දනියගේ අවසන් කටයුතු සදහා ඇමරිකාව බලා පිටත්ව යාමට මන්ත්‍රීවරයා සුදානම් වූ අතර ඒ සදහා අවශ්‍ය විසා ලබා ගැනීමද සිදු කළහ.එහෙත් හිටි හැටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයා හට ඇමරිකාවට ඇතුළු වීමට අවසර ලබා දී නොමැති බව ඩුබායි ගුවන් තොටුපලේදී ඇමරිකානු තානාපති කාර්යාලයෙන් දැනුම් දී තිබේ.

 

ඡායාරූප

කැලුම් පියංකර ලියනගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here