නාමල්ගේ කසාදය ගැන කියපු දේ ….

0

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වාසල විත්ති හමුවී කියයි.

 

  • මන්ත්‍රීතුමා කොහොමද මේ දවස්වල විස්තර?

    බොහොම හොදට කාලය ගතකරනවා.වාසල විත්ති අලුතින් පටන්ගත්ත ගමනට සුබපැතුම් එක්කරනවා ඉස්සරවෙලාම. රුසියානු සංචාරයකට එක්වෙන්න තමයි හිතාගෙන ඉන්නෙ.
  • පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කලත් බොහෝ ආයතනවල බලය ලබාගැනීම දුෂ්කර වෙලා තියනවා නේද?

    කිසිම අපහසුතාවයක් නෑ. අපිට බහුතර බලයක් ලැබිලා තියනවා  ලබන 22දා අපි ජයග්‍රහණය කරපු සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවනවා.
  • ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක්ඓකාබද්ධ විපක්ශයට එකතුවෙන්න ඉදලා අන්තිම මොහොතේ වැඩේ අත ඇරලා දැම්මා නේද?ආණ්ඩුව යන ගමනට විරුද්ධව තමයි ඒ අය විපක්ශයට එකතු වෙන්න ගියේ. අන්තිම මොහොතේ ඒ අයට වරදාන වරප්‍රසාද දීලා නතර කරගත්තා. තවත් පිරිසකට බොරු චෝදනා දාලා අත් අඩංගුවට ගන්න හැදුවා. ඒ නිසා ඒ අය නතර වුණා. අවුරු ආවත් නැතත් මේ ආණ්ඩුව ගෙදර යවන සටන අපි දිගටම කරනවා.
  • පළාත්සභා මැතිවරණයකුත් ළඟ ළඟම එනවා නේද?

    අපි ඕනම මැතිවරණයකට ලෑස්තියි. ආණ්ඩුව හදන්නේ පහුගිය ඡන්දෙ කල් දැම්මා වගේ පළාත් සභා ඡන්දෙත් කල් දාන්න.  අපේ ආණ්ඩුව කාලේ අපි ඡන්ද තියන්න බය වුණේ නැහැ. ඒ කාලේ මහින්ද මහත්තයට බැන්නේ ප්‍රජාතණ්ත්‍රවාදය නෑ කියලා. හැබැයි අද අඩුම තරමේ සමාජ ජාලා වෙබ් අඩවියකින් මතයක් ඉදිරිපත් කරන්න බැරි තරමට මේ ආණ්ඩුව ප්‍රජාතණ්ත්‍රවාදය විනාශ කරලා.
  • මන්ත්‍රීතුමා, දැන් කල වයසත් හරි නෙහ්. විවාහ වෙන්න එහෙම අදහසක් නැද්ද?මේ ආණ්ඩුව තියනකම් මට කවදාවත් බදින්න නම් වෙන එකක් නැහැ. බොරු චෝදනා දාලා කොයි වෙලාවේ හිරේ දායිද දන්නේ නැහැ. එහෙම වුණොත් මට වෙන්නේ බිරිද ගෙදර තියලා හිර ගෙදර ඉන්න තමයි.
  • තව අවුරුදු දෙකකින් මහ මැතිවරණයක් එනවා නේද? ඒ කියන්නේ විවාහය සිද්ධ වෙනවා කියලාද?
    බලමු… බලමු.

කතාබහ කලේ මදුරංග අදිකාරම්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here