නවීන්ට එරෙහිව පසුපෙළින් කැරැල්ලක්!

0

අමාත්‍ය නවීන් දිසානායක මහතාට එජාප ප්‍රතිසංධානයේදී තනතුරක් ලබාදීමට එරෙහිව පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි විරෝධය දක්වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාසල විත්ති වෙත කියාසිටියේය.ඔහු වසර 9ක් ශ්‍රිලනිපය නියෝජනය කර නැවත එජාපයට පැමිණ මෙසේ තනතුරු ගැනීමෙන් කිසිදා එජාපය හැර නොගිය ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ට අසාධාරණයක් වන බවද එම ආරංචි මාර්ග සදහන් කළේය.යම් ලෙසකින් නවීන් දිසනායක මහතාට තනතුරක් ලබාදීමට කටයුතු කළහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට අදාළ මන්ත්‍රී පිරිස සාකච්ඡා කරමින් සිටින බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියාසිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here