නගරාධිපතිකම පොහොට්ටුවට අහිමිකල මන්ත්‍රීට හිටපු ජනපතිගෙන් කුණු බැණුම්

0

කටාන ශ්‍රි වර්ධනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ සංඝාවාසය හා ධාතු මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් විවෘත විය.උත්සවයෙන් අනතුරුව පැමිණි ආරාධිතයන් වෙනුවෙන් පළාත් සභා මන්ත්‍රී උපුල් රාජිත මහතාගේ නිවසේදී තේ පැන් සංග්‍රහයක් සූදානම් කර තිබිණ.මේ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාට අමතරව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන නිමල් ලාන්සා,ඉන්දික අනුරුද්ධ හා පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්ද හරිස්චන්ද්‍ර,රජිත හපුආරච්චි,ලලන්ත ගුණසේකර යන මහත්වරුද එක්ව සිටියේය.මෙහිදී ආනන්ද හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයා පසුගියදා නගරාධිපති තේරීමේදී ඇතිවු කටුනායක සීදුව නගරසභා ප්‍රශ්නය පිළිබඳව කතා බහ කිරීමට පටන් ගත්තේය.එම ප්‍රශ්නය ගාමිණී හෙට්ටිආරච්චි මහතා නිසා සිදුවු ගැටලුවක් බව මහින්ද රාජපක්ෂ මහතාට ඒත්තු ගැන්වීමට ආනන්ද හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයා කටයුතු කලේය.ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාද ආනන්දගේ සහායට කතාකලේය.

“මම වෙච්ච දේ මුල ඉදලම දන්නවා.පක්ෂයෙන් යෝජනාකල කෙනා පත්කරන්නේ නැතිව ඕගොල්ල වැඩේ අනලා තියෙන්නේ.තවත් ඔය ගැන කතාකරන්න එපා”මහින්ද රාජපක්ෂ මහතා කීවේය.පසුව ආනන්ද සහ ඉන්දික නිශ්ශබ්ද විය.ඉන්පසු ඒ ගැන කතා නොකර මන්ත්‍රීවරුන් පසෙකට වු බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here