දේශපාලනයට කැමති මාවත් තේරුම්ගත්ත කෙනෙකුට කැමති වෙනවා

0

මෙවර වාසල විත්ති කතාබහට අපි තෝරා ගත්තේ මීගමුව නගර සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලාබාලම නාගරික මන්ත්‍රීවරිය වන ප්‍රසංශා රොද්‍රිගෝ මෙනවියවයි.මේ අප ඇය සමඟ කල සංවාදයයි.

*මන්ත්‍රීතුමියගේ සම්පූර්ණ නම කිවුවොත්?

මම සේනාධිපතිගේ සෙව්වන්දි ප්‍රසංශා රොද්‍රිගෝ

*වඩා කැමති සෙව්වන්දි කියනවටද?ප්‍රසංශා කියනවටද?

එහෙම ප්‍රශ්නයක් නෑ.ප්‍රසංශා කියනවට කැමතියි.හුඟක් අය කියන්නේ එහෙමයි.

*පාසල් ගියේ කොහෙටද?

මම පාසල් ගියේ මීගමුවේ ආවේ මරියා කන්යාරාමයට

*වයස කියන්න කැමතිද?

ඔව් මට දැන් අවුරුදු 19යි.ලබන මාසෙට 20 ලබනවා

*පාසල් යන කාලේ හිතුවද මන්ත්‍රීවරියක් වෙයි කියලා?

ඔව්.මම පාසල් යන කාලේ ඉදලා දේශපාලනේ කරන්න කැමැත්තෙන් හිටියා.මම නීති ශිෂ්‍යයාවක් දැන්.නමුත් ඊට වඩා මගෙ වැඩි කැමැත්තක් තියෙන්නේ දේශපාලනය කරන්න.

*මන්ත්‍රීවරියක් වෙන්න පියාගේ දේශපාලන කටයුතුත් බලපාන්න ඇති?

අනිවාර්යයෙන්ම ඔව්.අපේ තාත්ති වගේම සීයත් නාගරික මන්ත්‍රීවරයෙක්.ඉතින් පොඩි කාලයේ ඉදලා අපේ ගෙදර තිබුණේ ඒ වට පිටාව.ඒක අපේ ජීවිතවලටත් කා වැදිල තිබුණා.ඒ අයගේ සහයත් මට මේ ගමන එන්න හුඟාක් බලපෑවා.

*පොදුජන පෙරමුණේන් දේශපාලනය කලේ පියා නිසාද?ඔබේ කැමැත්තෙන්මද?

නෑ මගේ සීයා දේශපාලනය කලේ සම සමාජ පක්ෂයේන් තාත්ති නිදහස් පක්ෂයේ මන්ත්‍රී.ඉතින් ඒ අයගේ අදහස් එක්ක තමයි මම මේ පක්ෂයේ තෝරාගත්තේ.අනිත් එක තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ බිහිවෙච්ච වටිනා නායකයෙක්.එතුමා නියෝජනය කරන පක්ෂයක දේශපාලනය කරන්න ලැබීම සතුටක්.

*දේශපාලනය කියන්නේ මඩ ගොඩක් ලෑස්තිද ඒ අභියෝග බාරගන්න?

ඔව්..මම ඒවට සූදානම් වෙලා තමයි මේ ගමන ආවේ.මේ ගමන සුන්දර නෑ කියල මම දන්නවා.හැබැයි ජනතාව වෙනුවෙන් මම ඒ කැප කිරීම කරනවා.

*මන්ත්‍රීවරියක් වෙලා මීගමුවට මොනාද කරන්න බලාපොරොත්තුව?

මට ඕනා මීගමුවේ තරුණ පරපුරට යමක් කරන්න.අද තරුණ පරපුර විවිධ අකටයුතුකම් වලට ඇබ්බැහි වෙලා ඔවුන් ඒවගෙන් මුදාගන්න වැඩපිලිවෙලක් හදන්න ඕනා.

*නාගරික මන්ත්‍රීවරියක් වෙන්න ආපු ගමනෙදි කවුද ඔබට උදව් කලේ?

මගේ තාත්ති ඇරුනම නිමල් ලාන්සා ඇමතිතුමා,සරත් ගුණරත්න ඇමතිතුමා ඒ අය මට මේ ගමනෙදි ලොකු ශක්තියක් උනා

*දේශපාලනය එක්ක කොහොමද අධයාපන කටයුතු කරගන්නේ?

ඔව් මම දන්නවා දේශපාලනය කියන්නේ පැය 24 ම ජනතාවගේ ප්‍රශ්න එක්ක ඉන්න ඕනා.හැබැයි මගේ උපාධිය ලබන මාසේ ඉවරයි.එතකොට මට පුළුවන් මුළු කාලෙම ජනතාව වෙනුවෙන් ඉන්න

*මන්ත්‍රීවරියක් උනානේ බිරිඳක් වීමත් තරුණියන්ගේ හීනයක් නේද?

(සිනාසෙමින් )අනිවාර්යයෙන්ම ඔව්.ඒ ගැනත් හිතනවා තාම ඒකට කාලය තියනවනේ.දැන්ම මැරි කරන්න අදහසක් නම් නෑ.

*කෙනෙක් හම්බේලා ඉන්නවද?

(සිනාසෙමින් )තාම නම් නෑ.

*මොනවගේ කෙනෙකුටද කැමති?

මම දේශපාලනය කරන නිසා ඒ ගැනත් අවබෝධයක් තියන මාවත් තේරුම් ගත්ත කෙනෙකුට කැමති වෙනවා(සිනාසෙමින් )

*ඔබතුමියගේ දේශපාලන කටයුතු සාර්ථක වෙන්න කියලා වාසල විත්ති අපි සුබපැතනවා

බොහොම ස්තුතියි

සාකච්ඡා කලේ

මිහිරාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here