දුමින්ද සහ අමරවීර කියන්නෙ පොඩි ළමයි..එළියට බැස්ස ගමන් එස්.බී මහලේකම්වරුන්ගේ රෙදි ගලවයි

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ ලේකම්වරුන් පොඩි ළමයින් බව හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසීය.ඊයේ රාත්‍රි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී අමාත්‍ය තනතුරු වලින් ඉවත්ව ජනාධිපති නිල නිවසින් පිටතට පැමිනි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් දිසානායක මහතා මේ බව කීවේය.එහිදී මාධ්‍යවේදීන් මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියේ ඇමති තනතුරුවලින් ඉවත්වු බව පක්ෂයේ මහලේකම්වරයාට දැනුන් දුන්නාද යන්නයි.

“එගොල්ලෝ පොඩි ළමයි..අපි ඒගොල්ලන්ට වඩා ජේෂ්ඨයෝ.අපිට එයාලත් එක්ක කතාකරන්න දෙයක් නෑ.අපි විසද ගන්න ඕන කෙනා එක්ක ඒක විසද ගත්තා..”යැයි මෙහිදි දිසානායක මහතා කීවේය.අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ශ්‍රිලනිප මහලේකම් වන අතර එජනිස මහලේකම් වන්නේ අමාත්‍ය මහින්ද අමරවීර මහතාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here