දිවුලපිටියේදී මහින්ද මඟහැර ගිය මන්ත්‍රී කවුද?

0

දිවුලපිටිය ප්‍රදේශීය සභා ගොඩනැගිල්ල විවෘත කිරීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්  පසුගියදා සිදුවිය.පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා එම කටයුතු සංවිධානය කර තිබුණි.මේ අවස්ථාවට ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියළු දෙනාද පළාත් සභා මන්ත්‍රීවරුන් සියළු දෙනාද එක්ව සිටියහ.ඔවුන් සියළු දෙනා මහින්ද රාජපක්ෂ මහතා අසලට ගොස් සුහදව කතාබහ කරන අයුරු දක්නට ලැබුනද ආනන්ද හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයා පමණක් මහින්ද රාජපක්ෂ මහතා අසලට නොපැමිණීම කාගේත් කතාබහට ලක්විය.හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයා තේ පැන් සංග්‍රහයටද සහභාගී නොවී යන්නට ගියේය.ඊට හෙතුව හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයාගේ නොසැලකිල්ල මත කටුනායක සීදූව නගරසභාවේ බලය එජාපයට හිමි වීමය.මේ ගැන එම උත්සවයේ සිටි බොහෝ මන්ත්‍රීවරුන් මහින්ද රාජපක්ෂ මහතා සමඟද කතාබහ කලේය.මහින්ද රාජපක්ෂ මහතා තමන්ගෙන් ඒ ගැන ඇසුවොත් යන කුතුහලයෙන් හරිස්චන්ද්‍ර මන්ත්‍රීවරයා වහාම එම ස්ථානයේන් මඟහැර ගොස් ඇතැයි වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here