දයාසිරි පන්ඩිතයි..කට පරිස්සන් කරන්න කියලා ජනාධිපතිත් බැන්නා… ඉසුර කිව්ව කතාව මෙන්න

0

මීලග ජනාධිපති අපේක්‍ෂකයා වන්නේද නැද්ද යන්න ගැන තමන් තීරණය කර නැති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පක්‍ෂ මාධ්‍යම කාරක සභාවේදී පැවසූ බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා කීවේය.
එනිසා ජනාධිපති අපේක්‍ෂකයා ගැන ප‍්‍රකාශ කිරීමෙන් වලකින්නැයි ජනාධිපතිවරයා එහිදී දැන්වූ බවත් මහ ඇමතිවරයා පැවසීය.
මහින්ද රාජපක්‍ෂ හා මෛත‍්‍රීපාල සිරිසේන මහත්වරුන් එක්ව තීරණය කරනා ඕනෑම අපේක්‍ෂකයෙකුට සහයෝගය දැක්වීමට සූදානම් යයිද මහ ඇමතිවරයා කියා සිටී.
දයාසිරි ජයසේකර මහතා මහ ලේකම් වූ දවසේ සිට තම හිතුමතේට විවිධ ප‍්‍රකාශ කරන බවත් ඒවා ඔහුගේ පුද්ගලික මතයන් බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
ජනාධිපතිවරයා ඉතා දැඩිව ජයසේකර මහතයට අවවාද කර ඇති බවද වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here