තිලංගට ගහන්න පනිමින් නවීන් චන්ඩි පාට් දැමූ හැටි

0

විශ්වාසභංග විවාදය අවසන් වීමෙන් පසුව සභාගැබෙන් එළියට එමින් සිටි තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාට නොසිතූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවිය. අකරතැබ්බයට මුල් වූයේ නවීන් තිලංග සමඟ ආරවුලකට පැටලීම නිසාය. විවාදයෙන් පසු නවීන් එළියට ආවේම තිලංගට දෝෂාරෝපණය කරමිනි.

“ඔයාට මේ පැත්තේ ඉන්න බැරිනම් ගිහින් අනික් පැත්තේ වාඩි වෙන එකනේ ඇත්තේ? නවීන් තිලංගට බැන වැදුණේය.

“ඔයා එහෙම කතා කරන්න එපා. මම අනුගමනය කළේ පක්ෂය ගත්ත තීන්දුව“ තිංලග කීවේය.

තිලංගගේ හඬට කන් නොදුන් නවීන් තවත් දේ කියමින් බැන වදිමින් සිට එක්වරම තිංලගට ගහන්න පැන්නේය. වහා මැදිහත් වූ පියල් නිශාන්ත නවීන් අල්ලා ගත්තේය.

“ඇමැතිතුමා විවාදය තිබ්බේ සභාව ඇතුළේ. එළියට ඇවිත් බොරු චණ්ඩි පාට් දාන්න හදන්න එපා. ඒ චණ්ඩි පාට් අපි එක්ක හරියන්නේ නැහැ“ පියල් නවීන්ට අවවාද කළ අතර නවීන් කිසිවක් නොකියා යන්න ගියේය. පසුව තිලංග තමන්ට පහර දීමට තැත්කල බව කියමින් පොලීසියේ පැමිණිල්ලක් ද කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here