තලතා මහින්දට හොදටම දෙහි කපයි!නීතිපති දෙපාර්තමේන්තුව තිබුණේ කොහේදැයි අසයි

0

නීතිපතිතුමා ගෙන්නලා නඩු පවරන්න උපදෙස් දෙනවා කියලා හිටපු ජනාධිපතිතුමා අපිට චෝදනා කරනවා. එතුමාට මතක නැහැ, ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරපු විදිහට නීතිපති දෙපාර්තමේන්තුව එයා යටතේ තියාගෙන හිටියා කියලා. හිටපු ජනාධිපතිතුමා සමහර වෙලාවට හීනෙන් බය වෙලා වගේ ජනාධිපති කියලා හිතාගෙන වැඩ කරන්නේ හෙට අනිද්දටම ආණ්ඩු පෙරළියක් වෙලා තමා ජනාධිපති වෙයි කියලා හිතාගෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරල පැවැසුවාය.

අමාත්‍යවරිය එසේ පැවැසුවේ රුපියල් ලක්ෂ 126ක මුදලක් වැය කරමින් ඉදිකළ රත්නපුර, මුද්දුව මාර්ගය පසුගියදා ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරල මහත්මිය මෙසේද පැවසුවාය.

බලය තියෙනවා. නැති වෙනවා. හැබැයි බලයට කෑදරකමින් අපි හැම එකක්ම කරන්න උත්සාහ කරන්නේ නැහැ.

කවුරු මොනවා කිව්වත් 2020 වෙනකල් ආණ්ඩු කරන්නේ අපි. 2020 වනතුරු කුරා කූඹියකුටවත් මේ ආණ්ඩුවට අත තියන්න අපි දෙන්නේ නැහැ. 2015 අගෝස්තු 15 අපි කිව්වා අපේ පක්ෂය ජයග්‍රහණය කරවන්න, අපි වැඩ කරනවා කියලා. ප්‍රාදේශීය සභාව අපිට නැති වුණා කියලා අපි වැඩ නොකර ඉන්නේ නැහැ. දේශපාලනයට එන්න ඕන ජනතාවට යමක් කරන්න ඕන අයයි. පරම්පරාවෙන් පරම්පරාවට බලය ගෙනයන්නෙ කොහොමද කියලා තමයි එදා හිටපු අය කල්පනා කළේ. අද එහෙම දෙයක් නැහැ.

ඊයේ පෙරේදා දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිතුමාගේ අභියාචනයේ තීන්දුව දුන්නා. 2011 භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රිතුමා ඇතුළු පිරිස මැරුවේ. 2015 මේ ආණ්ඩුව පත් කරලා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ නායකත්වයෙන් නීතිපතිතුමාට ලැබුණු ස්වාධීනත්වය නිසා නඩු පවරන කල් කිසි කෙනෙක් නඩුව ඇල්ලුවේවත් නැහැ. ඇයි හිරුණිකාගේ තාත්තා, තාත්තා කෙනෙක් නෙවෙයිද? ඒකෙන් පේන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ එදා තත්ත්වයයි. නමුත් අද මෙයා කියනවා නීතිපතිව ගෙනල්ලා නඩු පවරනවා කියලා. මම එයාට කියන්න ඕන එයා වගේ වැඩ කරන්න අපි ඇවිල්ලා නැහැ.

මේකේ අපි හැමදාම ඉන්න ඇවිල්ලත් නැහැ. අපි බලය කියන එක දැකපු මිනිස්සු. බලය තියෙනවා නැති වෙනවා. හැබැයි බලයට කෑදරකමින් හැම එකක්ම කරන්න උත්සාහ කරන්නේ නැහැ.

නීතිපතිතුමා තමයි රජයට උපදෙස් දෙන්නේ එතුමා මාව මුණගැහෙන එක වරදක් නෙවෙයි. එතුමාට නියෝග කරන්න අපි උපදෙස් දීලා නැහැ. එයාට අමතක වෙලා තියෙනවා අගවිනිසුරුතුමියක් පැය 24න් ගෙදර යවපු හැටි. ගෙදර ඇරියා විතරක් නෙවෙයි එදා පාර්ලිමේන්තුවට ගෙන්නලා අඩු ගාණේ ඕ ලෙවල්වත් පාස් නැති සමහර මන්ත්‍රිවරු හරහා අපහාසයට ලක් කළා. එතුමියගේ ගරුත්වය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. මිනිස්සුන් තුළ අධිකරණය ගැන තිබුණු විශ්වාසය විනාශ කළා.

අපි සම්පූර්ණයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරලා තිබෙනවා. පසුගිය දවස්වල එක එක හීන දැක්කා අධිකරණය ගැන. හැබැයි අපේ ජනාධිපතිතුමා ව්‍යවස්ථාදායක මණ්ඩලයට යෝජනා කරන කොට අධිකරණයේ විනිසුරුවරුන් කළ ඉල්ලීම්වලට සවන් දීලා අධිකරණයේ පත්වීම් කරලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමාට අමතක වෙලා තියෙනවා මේ එයාගේ කාලය නෙවෙයි. මේ එයාගේ ක්‍රමයත් නෙවෙයි. වැඩිය ඕන නෑ, මේ රත්නපුරේ තියෙනවා ඕන තරම් යට ගහපු ෆයිල්. නාලන්ද එල්ලාවල මන්ත්‍රිතුමා මරපු වෙලාවේ, ගෙවල් ගිනි තියපුවා. අතුල ආටිගල මන්ත්‍රිතුමා මරපු එකේ ෆයිල්. මේවා හොයාගන්න බැරිව තිබුණා. අද එයාට ඒ කිසිවක් මතක නෑ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව අධිකරණය, රාජ්‍ය සේවය, පොලිසිය මැතිවරණ පැවැත්වීම අපි ස්වාධීන කළා. ඒ නිදහස ආරක්ෂා කරගෙන යන්න ඉඩ දෙන්න. අපිට කියා දෙන්න එපා, අපි ඔයාට මතක් කරලා දෙන්නම් 2015 ජනවාරි 08 වැනිදාට පෙර වුණු දේවල්.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here