තලතා කපුවාගේ දියණියගේ මගුල් ගෙදර ගිය හැටි

0

පාර්ලිමේන්තු මන්ත්‍රි පියංකර ජයරත්නගේ බාල දියණිය වන සචිනි නයනදරා ජයරත්නගේ විවාහ මංගල උත්සවය පසුගිය සතියේ ෂැන්ගි්‍රලා හෝටලයේදී පැවැත්විණි. ඇයගේ අත ගත්තේ කසුන් දිසානායකය. මෙම අවස්ථාවට මහින්ද, චමල්, බැසිල් සහ ගෝඨා මෙන්ම, ප්‍රසන්න, මහින්දානන්ද ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රි පිරිසක් එක්ව සිටියහ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මේ සඳහා එක්ව සිටියේ තලතා අතුකෝරාල ඇමැතිවරිය පමණක් වීමද විශේෂත්වයකි. ඊට හේතුවක් තිබිණි. තලතා ඇමැතිවරියගේ විවාහයේ කපුවා පියංකර මන්ත්‍රිවරයාය. පාසල් සමයේ පියංකරගේ මිතුරෙකු වූ සාලිය ජයසිංහ සමඟ ඇමැතිවරිය විවාහ වී සිටින අතර එය පාසල් කාලයේ පෙම් සබඳකමකි. එහි කපුවා පියංකර වීම නිසා ඔවුන් තිදෙනා අදටද සමීප මිතුරන්ය.

නිදහස් පක්ෂය නියෝජනය කරමින් සිටියේ මහින්ද අමරවීර සහ ලසන්ත අලගියවන්නය. මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස වෙනම මේසයක අසුන් ගෙන සිටි විට අමරවීර සහ අලගියවන්න වෙනම අසුන් ගෙන සිටියහ. එතැන සිටි මහින්ද දුටු අමරවීර සහ අලගියවන්න එම මේසය අසලට පැමිණ කුළුපගව කතාබහ කළහ.

“ව්‍යවස්ථාවෙන් ජනාධිපති වෙන්න පුළුවන් දෙපාරයි. හැබැයි මෙතුමා නම් තුන් පාරක්ම හිටියා” බැසිල් මහින්දට කීවේ අලගියවන්නව පෙන්වමිනි.

“ඒ කොහොමද?” මහින්ද ඇසුවේය.

“ඇයි මෙයා චන්ද්‍රිකාගේ කාලෙත් ඇමැති. ඔබතුමාගේ කාලෙත් ඇමැති. මෛත්‍රිගේ කාලෙත් ඇමැති. එහෙමයි මෙතුමා තුන් පාරක් හිටියේ” බැසිල්ගේ කතාවට මහින්දට හො¼දටම හිනා ගියේය.

මහා ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ මුණුබුරකු වන කස්සප සපරමාදු සහ ඔහුගේ බිරිය වන චමීන්ද්‍රි සපරමාදුද මෙම උත්සවයට සහභාගි වී සිටි අතර මහින්ද දුටු ඔවුහු එතැනට පැමිණියහ.

“ඔයාලා ගම්පෙරළිය නම මොකද මේ ආණ්ඩුවට දීල තියෙන්නෙ” මහින්ද ඇසුවේ කස්සප සහ චමීන්ද්‍රි දෙස බලමිනි.

“සර් ඒක අහපු එක හොඳයි. අපි දුන්නෙ නෑ. අපේ ඇමැතිතුමාල දෙන්නත් ඉන්නවනේ. මේ පොතේ නම කොපි කරල ආණ්ඩුව නටන නාඩගම පේනවා නේද? ඔබතුමාලට තිබුණනෙ ඒවා පෙන්නල දෙන්න” චමීන්ද්‍රි, අමරවීර සහ අලගියවන්න දෙස බලමින් කීවේය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here